හොංකොං සම්බන්ධ චීන මධ්‍යම රජයේ ප්‍රතිපත්තියට හොංකොංහි පුළුල් ජන පදනමක්
2021-03-13 16:57:52
Share with:

හොංකොං සම්බන්ධ චීන මධ්‍යම රජයේ ප්‍රතිපත්තියට හොංකොංහි පුළුල් ජන පදනමක්_fororder_cdbf6c81800a19d8f6e7d664fe86ac83a71e466b

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීමෙන් නැගෙනහිර මුතු ඇටය තවත් දිදුළනු ඇත.

මැතිවරණ ආරක්ෂාව සහතික කිරීමෙන් ජාතික ආරක්ෂාව සුරැකීම, ලෝකයේ සාමාන්‍ය ක්‍රමයකි. හොංකොංහි පලාගිය අපරාධකරුවන් පිළිබඳ රෙගුලාසිය සං‍ශෝධනය කිරීමෙන් පසු සමාජ නොසන්සුන්තාවක් මතු‍විය. චීන මධ්‍යම රජය පසුගාමී නොවේ. පසුගිය වසරේ හොංකොංහි ජාතික ආරක්ෂණ නීතිය සැකසීමේ සිට මෙවර හොංකොංහි මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීම දක්වා චීන ජාතික මහජන කොංග්‍රසය නීතිමය පසුබිම් ශක්තිමත් කරමින් වි‍දේශ බලවේග හොංකොංහි කටයුතු වලට මැදිහත් වීම අවහිර කර ඇත. ඉන් චීන ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා වර්ධන ප්‍රතිලාභය ආරක්ෂා කිරීමට හේතුවේ.

හොංකොං පර්යේෂණ සංගමයේ මත විමසීමට අනුව ඊට එක් වූවන්ගෙන් සියයට 70ක් ප්‍රකාශ කළේ හොංකොංහි මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීමේ තීරණයට අනුබල දෙන බවයි. හොංකොං සම්බන්ධ චීන මධ්‍යම රජයේ ප්‍රතිපත්තියට හොංකොංහි පුළුල් ජන පදනමක් ඇති බව ඉන් පිළිබිඹු වේ.

ලෝකයේ නිදහස් ම ආර්ථික ඒකකයක් වන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමෘද්ධිය හා ස්ථාවරත්වය පැවතීම චීනයේ ප්‍රතිලාභයන්ට පමණක් නොව ජගත් ප්‍රජාවේ ප්‍රතිලාභ වලට ද ගැළපේ.

හොංකොංහි මැතවරණ ක්‍රමය වැඩි දියුණු කිරීමෙන් පසු එහි දේශපාලන, ආර්ථික, සමාජීය හා ව්‍යාපාරික පරිසරය තවදුරටත් යහපත් වනු ඇත. එය විදේශ ව්‍යවසායන් හොංකොංහි දිගුකාලීනව රැඳී සිටීමට හේතුවේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන