හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීම හොංකොංහි ඉහළ ස්වයංපාලනය මනාව පවත්වා ගෙන යාමට ප්‍රබල රුකුලක්
2021-03-13 20:12:06
Share with:

ජී-7 කණ්ඩායමේ විදේශ ඇමතිවරු ඊයේ (12) නිවේදනයක් නිකුත් කරමින් චීන රජය හොංකොංහි  ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන බව ප්‍රකාශ කළහ. පසුගිය දා චීන ජාතික මහජන කොංග්‍රසය අති බහුතර ඡන්දයෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීම පිළිබඳ තීරණය සම්මත කර ඇත. එම තීරණය හොංකොංහි ඉහළ ස්වයංපාලනය විනාශ කරන බව ජී-7 කණ්ඩායමේ විදේශ ඇමතිවරු එම නිවේදනය මගින් චෝදනා කරති.

හොංකොං වෙත සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හිමිවූයේ බ්‍රිතාන්‍යයේ වසර 150ක පමණ යටත්විජිත පාලනයෙන් මිදී මව්රටට එක් වීමෙන් පසුව ය. "එක් රටක්, ක්‍රම දෙකක්"  ප්‍රතිපත්තිය යටතේ හොංකොං වැසියෝ උපරිම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හා නිදහස භුක්ති විඳිති. හොංකොං චීනයේ විශේෂ පරිපාලන කලාපයකි. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීම පිළිබඳ තීරණය සම්මත කිරීම හොංකොංහි සිදු වූ බෙදුම්වාදී ක්‍රියා හා ඇතැම් බෙදුම්වාදී බලවේග හොංකොංහි ආරක්ෂාව හා ස්ථාවරත්වයට තර්ජනාත්මක ලෙස කටයුතු කිරීම පිළිබඳ සලකා බැලීමෙන් පසුව ගත් පියවරකි. මෙය, කිසිඳු අයුරකින් හොංකොංහි ඉහළ ම ස්වයංපාලනයට හානි නොකරන අතර හොංකොංහි ඉහළ ස්වයංපාලනය  මනාව පවත්වා ගෙන යාමට ප්‍රබල රුකුලකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන