හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණය කිරීම හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සඳහා ශක්තිමත් ආරක්ෂාවකි
2021-03-13 20:04:03
Share with:

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය සම්පූර්ණය කිරීම  හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සඳහා ශක්තිමත් ආරක්ෂාවකි_fororder_锐评

චීන ජාතික මහජන කොංග්‍රසය පසුගිය 11වැනිදා, හොංකොං විශේෂ පරිපාලන කලාපීය මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීම පිළිබඳ තීරණය, අති බහුතර  ඡන්දයෙන් සම්මත කිරීමෙන් පසු, ඇමරිකානු සහ බටහිර රටවල ඇතැම් දේශපාලනඥයෝ ඒ පිළිබදව අපහාස සිදු කරමින් චෝදනා එල්ල කළහ.

හොංකොං හි වර්තමාන ප්‍රශ්න, බටහිර දේශපාලනඥයන් සිතන ප්‍රජාතන්ත්‍රවාදය ද නැද්ද යන ප්‍රශ්නය   නොවේ, එය චීන ජාතික ආරක්ෂාව සහ හොංකොං හි දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයකි.

හොංකොං යනු චීනයට අයත් ප්‍රාදේශීය පරිපාලන කලාපයකි. චීන ජාතික මහජන කොංග්‍රසය ව්‍යවස්ථානූකූලව හොංකොං හි මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කරයි. එය හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සඳහා ශක්තිමත් ආරක්ෂාවකි.

"එක් රටක්, ක්‍රම දෙකක්" පදනම මත, හොංකොං තවදුරටත් ඉහළ ස්වයං පාලන අයිතියක් භුක්ති විඳී.

මෑතකදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වැනි සැසියේ දී, රටවල් 70ක් චීනයේ හොංකොං ප්‍රතිපත්තියට පොදුවේ  සහාය දැක්වීය. බාහිර බලවේග චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බවත්, යුක්තිය මිනිසුන්ගේ හදවත් තුළ පවතින බවත්, ඔවුහූ අවධාරණය කළහ.

මෑතකදී ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මැතිවරණ ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කර තිබේ.

ඇමරිකාවට අවශ්‍ය ඕනෑම වේලාවක මැතිවරණ නීති සංශෝධනය කළ හැකි නමුත්, චීනය නීත්‍යනුකූලව විශේෂ පරිපාලන කලාපයක මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ දී ඇමරිකාව නොඉවසිලිවත්වීම පුදුමයට කරුණකි.

ඇමරිකාවේ මෙම ද්විත්ව ප්‍රමිතිය හෙළා දැකිය යුතු ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන