ජනතාවදී චීන රජයට ජනතා සහාය හිමිවීම ‍පුදුමයක් නොවේ
2021-03-13 18:28:47
Share with:

මෑත වසරවලදී, ජාත්‍යන්තර ජනමත විචාරණ ආයතන පැවැත්වූ බොහෝ ජනමත විමසුම්වලදී චීන රජය සඳහා චීන ජනතාව ලබාදෙන සහයෝගය පිළිබඳ අනුපාතයට හිමි වූයේ ලොව පළමු ස්ථානයයි. පසුගිය 11වැනි දා චීනයේ වැදගත්ම වාර්ෂික සැසිවාර දෙක අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී චීන අග්‍රාමාත්‍යවරයා පළ කළ අදහස් මගින් එවන් ඉහළ අනුපාතයක් පිළිබඳ අවබෝධ වීමේ අවස්ථාවක් නිර්මාණය වේ. චීන අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණුවලින් බහුතරය ජනතා අවශ්‍යතාවන්ට සෘජුව සම්බන්ධ වේ. එම මාධ්‍ය හමුවෙන් පැහැදිලිවම නිකුත් කළ පණිවුඩය වූයේ “චීනයේ සංවර්ධනයේ මූලික අරමුණ වන්නේ චීන ජනතාවට යහපත් ජීවිතයක් ලබා දීම”යන්නයි. එදිනම චීන ජාතික මහජන කොංග්‍රසය 14වැනි පස්අවුරුදු සැලැස්ම සම්මත කළේ ය. එම සැලැස්ම මගින් නියම කෙරුණු ප්‍රධාන ඉලක්ක 20ක් අතරින් 7ක් ජනතා අවශ්‍යතාවන්ට අදාළ ය.

රටවැසියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවාලීම, සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය දීර්ඝ කිරීම, පරිසර දූෂණ පාලනය හා දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම යනාදි කරුණු පිළිබඳව චීන රජය ක්‍රියාශීලි ව කටයුතු කරමින් සිටින බව ඇමරිකා-චීන වෙළඳ කොමිසමේ විශේෂඥ Anna Ashton මහත්මිය අදහස් දක්වා තිබේ. ජනතාවගේ ජීවිත ගුණාත්මකභාවය නොකඩවා ම ඉහළ නංවාලීම චීන රජයේ අරමුණ වී ඇතැයි ඇය පවසා ඇත. මෑත වසරවල චීන ජනතාවගේ ජීවිත කැපී පෙනෙන ලෙස යහපත්වී ඇත්තේ චීන රජය ගෙන ඇති අඛණ්ඩ උත්සාහ බැවිනි.

බිලියන 1.4ක ජනගහණයක් සිටින රටක් වශයෙන් චීනයට ජනතාවගේ ජීවිත අඛණ්ඩව නගාසිටුවීම විශාල අභියෝගයකි. මෙම අභියෝගය හමුවේ චීන රජය ක්‍රියා කළ ආකාරය දෙස බැලීමේදී චීන රජයට ඉහළ ම ජනතා සහය හිමි වීම පුදුමයක් නොවේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන