හොංකොං විශේෂ පරිපාලන කලාප ප්‍රජාතන්ත්‍රවාදයේ සංවර්ධනය සහතික කෙරේ
2021-03-12 11:14:33
Share with:

හොංකොං විශේෂ පරිපාලන කලාප ප්‍රජාතන්ත්‍රවාදයේ සංවර්ධනය සහතික කෙරේ_fororder_TIM图片20210312111344

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීමේ තීරණය චීන ජාතික මහජන කොංග්‍රසය අති බහුතර ඡන්දයෙන් ඊයේ (11) සම්මත කළේ  ය. ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන මෙම “තීරණය”මගින් හොංකොං හි සැබෑ තත්වයට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සංවර්ධනය කිරීම ඵලදායී හා විධිමත් ලෙස ප්‍රවර්ධනය කර හොංකොං ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම වඩාත් පුළුල් ලෙස සහතික කරනු ඇත.

“ප්‍රජාතන්ත්‍රවාදය”යන සටන් පාඨය දිනපතා පවසමින් චීනයට එරෙහි  හොංකොංහී ඇතැම් බලවේගයන් හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නන් බව යම් කාලයක් පුරා හොංකොං හි සිදුවී ඇති සිද්ධීන් ගෙන්  සනාථ වී තිබේ. හොංකොං හි මුල් මැතිවරණ ක්‍රමයේ ඇති අඩු පාඩුවලින් ප්‍රයෝජන ගනිමින්, ඔවුහූ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පාලන ව්‍යුහයට ඇතුළු වීම සඳහා සියලු ආකාරයේ මැතිවරණ මෙහෙයවා, හොංකොං විශේෂ පරිපාලන කලාපයේ  ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරිත්වය අඩාල කර, හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ පරිපාලනයට බාධා කළහ. ඉන් හොංකොං ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට බරපතල ලෙස හානි සිදු විය.

හොංකොං යනු චීනයේ ප්‍රාදේශීය පරිපාලන කලාපයකි. එහි බලය සහ වගකීම මත පදනම්ව, චීන ජාතික මහජන කොංග්‍රසය හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම්ව වැඩි දියුණු කරමින් දේශාප්‍රේමීන් විසින් හොංකොං පාලනය කරනු ලැබීම සහතික කිරීම  හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රමය  බලවත් ව ආරක්ෂා කිරීමේ පියවරකි.

එම "තීරණය" හොංකොං සමාජයේ සියලු අංශවල සහයෝගය දිනාගෙන තිබේ.

ගෝලීය දෘෂ්ටි කෝණයෙන් බැලීමේ දී, රටේ සැබෑ තත්ත්වය අනුව මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම හා වැඩි දියුණු කිරීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ සංවර්ධනය සඳහා වන පොදු පිළිගැනීමකි."දේශප්‍රේමීන් හොංකොං පාලනය කිරීම" යන මූලධර්මය මත හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය වැඩි දියුණු කිරීම ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ පදනම මත ප්‍රාදේශීය මැතිවරණ ක්‍රමයක් වැඩි දියුණු කිරීමට චීනය ගත් ඵලදායී පියවරකි. එමඟින් ප්‍රාදේශීය ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කරන අතරම ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව පවත්වා ගැනීම පිළිබඳව ලෝකයේ අනෙකුත් රටවලට චීනයේ ප්‍රඥාව සහ විසඳුම් ද සපයයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන