බටහිර රටවල් එල්ල කරන පීඩනයන්ට මුහුණ දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් සහාය දැක්වීමේ වැදගත්කම
2021-03-11 15:10:25
Share with:

බටහිර රටවල් එල්ල කරන පීඩනයන්ට මුහුණ දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් සහාය දැක්වීමේ වැදගත්කම_fororder_efe3b8f9ef6ed31361cd678afe964e84

මානව හිමිකම් සංවර්ධනය පුළුල් අවධානයට ලක් වූ ක්‍රියාදාමයක්. විවිධ රටවල තත්ත්වයන්ට අනුව ඒ ඒ රටවල් වෙනස් මානව හිමිකම් සංවර්ධන ක්‍රියාමාර්ග සකසා ක්‍රියාත්මක කර තිබෙනවා. එහෙත් මේ තුළ සංවර්ධිත බටහිර රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට චෝදනා කිරීම අපට නිතරම ඇසිය හැකි හා දැකිය හැකි දෙයක්. විශේෂයෙන්ම බටහිර රටවල් එසේ කළේ වර්ගවාදය වැනි බරපතල සමාජ ගැටළු තමාගේ රටවල උවදුරක් සේ පවතිද්දීයි. බටහිර රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල දියුණුවට බාධා එල්ල කිරීමට ගත් ප්‍රයත්න කැපී පෙනෙනවා. මෙම තත්ත්වයට මුහුණ දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් සහාය දැක්වීම අතිශයින් වැදගත්.  මේ තුළදී ශ්‍රී ලංකාව හා චීනය ඉතා හොඳ නිදසුනක් ලෙස සැලකිය හැකියි.

බටහිර රටවල් එල්ල කරන පීඩනයන්ට මුහුණ දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් සහාය දැක්වීමේ වැදගත්කම_fororder_rBABCWBDFEmABbUxAAAAAAAAAAA979.550x366

පසුගියදා පැවති 46වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චෙන් ෂු මහතා මානව හිමිකම් ප්‍රවර්ධනය කර ආරක්ෂා කරන ශ්‍රී ලංකා රජයට  ප්‍රසාංසා කළ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට  බාහිර බලවේගයන් මැදිහත්වීමට විරුද්ධ වන බව ද අවධාරණය කළා. රැස්වීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සඳහා, ශ්‍රී ලංකා රජයේ  නිල තොරතුරු භාවිත නොකිරීම පිළිබඳව කනගාටු වන බව ද චෙන් ෂු මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රජය ජන ජීවිතය යහපත් කිරීමට තැත් කරමින් අවම පහසුකම් ඇති පුරවැසියන්ගේ ජීවිත සහතික කිරීමෙහි ද නියැළී සිටිනවා. එරට ජාතික සමගිය ඉදිරියට මෙහෙයවමින් ත්‍රස්තවාදය අඛණ්ඩව මර්දනය කිරීමෙහි නිරත වී තිබෙනවා. ඒ පිළිබඳව චීනය ප්‍රශංසා කරන බව 46වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට සමකාලීනව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා බෙයිජිං නගරයේ සිට යළි අවධාරණය ක‍ළා.

බටහිර රටවල් එල්ල කරන පීඩනයන්ට මුහුණ දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් සහාය දැක්වීමේ වැදගත්කම_fororder_3bbfcd2f6487fd7c8b80be3a5c5fa1ac

මේ අතර චීනයේ මානව හිමිකම් සංවර්ධන තත්ත්වයට අපහාස කිරීමට උත්සාහය දැරූ බටහිර රටවල් හා මාධ්‍ය ආයතනවලට, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් විරෝධතා පළ කර තිබෙනවා. චීනයේ ෂින් ජියං උයිගුර් ස්වායත්තය ආර්ථික සමාජීය තත්ත්වය සක්‍රීයව ‍ඉදිරියට වර්ධනය කොට සමාජ ස්ථාවරත්වය පවත්වා ගෙන යමින් විවිධ ජන වාර්ගිකයින්ගේ මානව හිමිකම් සහතික කිරීමට හැකි වීම පිළිබඳව 46වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට එක් වූ ශ්‍රී ලංකා නියෝජිතයා ප්‍රශංසා පළ කළා. හොංකොං ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර බාහිර බලවේග ඊට මැදිහත් නොවිය යුතු බව ද ඔහු සඳහන් කළා.

බටහිර මාධ්‍ය ෂින්ජියං ප්‍රදේශය පිළිබඳව පළ කළ ව්‍යාජ පුවත් හා බොරු කතා පිළිබඳව ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ මහ ලේකම් රතින්ද්‍ර කුරුවිට මහතා සිය අදහස් දැක්වුවා. බටහිර මාධ්‍ය ආයතන, එම රටවල ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් බව ඔහු පෙන්වා දුන්නා. ඔවුන් ව්‍යාජ තොරතුරු නිරතුරුව විශාල ප්‍රමාණයක් ‍අඛණ්ඩව පළ කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගේ මතයට බලපෑම් එල්ල කිරීමට ගත් උත්සාහයක් බව ද රතින්ද්‍ර කුරුවිට මහතා පැවසුවා.

චීනය සහ ශ්‍රී ලංකාව දිගු කාලයක් පුරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම වැනි බොහෝ ජාත්‍යන්තර ‍වේදිකාවල එකිනෙකාට සහාය දක්වා තිබෙනවා. මානව හිමිකම් සංවර්ධන මාර්ගය මත ගමන් කරද්දී, රාජ්‍ය මට්ටමේ වුවද ජන ක්ෂේත්‍රයේ වුව ද මෙබඳු අනුග්‍රාහක හඬ අතිශයින් වැදගත් වනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන