රටක දේශීය තත්ත්වයට ගැලපෙන ප්‍රජාතන්ත්‍රීය සංවර්ධන මාර්ගයක් තෝරා ගැනීම ඕනෑම රටක් සතු අයිතියකි
2021-03-10 20:08:27
Share with:

හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් යනු කුමන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් ද ? රටක දේශීය තත්ත්වය මූලික වන සහ එම තත්ත්වයට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායීතම හා ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය යැයි බොහෝ කරුණු කාරණාවලින් ඔප්පු වී ඇත. ‍

බෙයිජිං හි පැවැත්වෙන චීනයේ උත්තරීතර බලායතනයේ වාර්ෂික සැසිවාරය සහ නිමාවට පත්වූ මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ වාර්ෂික සැසිවාරය, ප්‍රජාතන්ත්‍රවාදය චීනයේ ක්‍රියාත්මක කෙරෙන අයුරු පිළිබඳ සොයා බැලීමේ මනා අවස්ථාවක් ලෙස සැලකේ. එම සැසිවාර දෙක සඳහා චීනයේ පළාත්, ස්වායත්ත, මධ්‍යම රජයේ සෘජු පාලනයට අයත් නගර සහ විශේෂ පරිපාලන කලාප ඇතුළු පරිපාලන ප්‍රදේශවලින් මහජන නියෝජිතයෝ බෙයිජිං නුවරට පැමිණියහ. නිලධාරීන්, ව්‍යවසායකයන්, විද්‍යාඥයන්, අධ්‍යාපන විශේෂඥයන් එමෙන් ම කම්කරුවන් හා ගොවීන් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන්හි පුද්ගලයෝ බිලියන 1.4ක සමස්ත ජනතාව නියෝජනය කරමින් එම සැසිවාර දෙකට එක් වීමෙන් රටේ සංවර්ධනයට අදාළ සියලු කරුණු පිළිබඳව සාකච්ඡා කර ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීමට දායක වූහ. මෙවන් චීන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ රටේ නීති සම්පාදනය පිළිබඳ සියලු අවසන් තීන්දු තීරණ ගනු ලබන්නේ එම සැසිවාර දෙකට එක්වන මහජන නියෝජිතයන් පුළුල් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ විවිධාකාරයෙනි. සිය දේශීය තත්ත්වය මූලික කරගෙන තමන්ට ගැලපෙන ප්‍රජාතන්ත්‍රීය සංවර්ධන මාර්ගයක් තෝරා ගැනීමේ අයිතිය ඕනෑ ම රටකට හිමි වේ. ප්‍රජාතන්ත්‍රවාදය සීමා වන්නේ වචනවලට පමණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළින් මහජනතාවට සැබෑ යහපත සිදු විය යුතු ය. මේ වන විට චීනයට සීග්‍ර ආර්ථික වර්ධනයක් හා දිගුකාලීන සමාජ ස්ථාවරත්වයක් පවත්වාගෙන යාමට හැකි වී තිබේ. චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය ඊට තුඩු දී ඇතැයි කිව යුතු ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන