චීන ආර්ථිකයේ නව වර්ධන බලය
2021-03-09 21:01:54
Share with:

“ද්විත්ව චක්‍රය”චීන ආර්ථික වර්ධනයේ උණුසුම් වචනයකි.දේශීය චක්‍රය ප්‍රධාන කරගෙන දේශීය හා ජාත්‍යන්තර ද්විත්ව චක්‍ර එකිනෙකා ප්‍රවර්ධනය කරන නව සංවර්ධන රටාවක් ගොඩ නැගීමේ අවශ්‍යතාව පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා චීනයේ ඉහළ රාජ්‍ය නිලධාරීන් නැවත නැවතත් අවධාරණය කර තිබේ. දේශීය අවශ්‍යතා පුළුල් කළ යුතු බව පසුගිය දා චීන අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කිරීමේදී පෙන්වා දී ඇත. ඒ අනුව ‍චීනය දේශීය වෙළඳපොලේ සැඟවුණු ශක්තිය වඩාත් බලගන්වනු ඇත.

ලොව වේගයෙන් ම වර්ධනය වන මධ්‍ය ආදායම්ලාභීන් චීනයේ සිටින අතර විශාල ග්‍රාමීය වෙළඳපොලක් ද චීනය සතුව තිබේ.වඩාත් යහපත් ජීවිතයක් සඳහා චීන ජනතාවට ඇති අවශ්‍යතා උසස් තත්ත්වයේ නිෂ්පාදන, තාක්ෂණ සහ සේවා සඳහා වන ගෝලීය ඉල්ලුම් වැඩි කරයි. ඉදිරි වසර 5 තුළ චීන රජය විවිධ මාර්ග නිර්මාණය කරමින් ජනතාවගේ ආදායම් වැඩි කිරීමට බලාපොරොත්තු වේ. ජනතාවගේ ආදායම් වර්ධනයත් සමග පාරි‍භෝගික වෙළඳපොල අඛණ්ඩ ව පුළුල් වනු ඇත. වසර 2035 වන විට චීනය ඇමරිකාව අභිබවමින් ‍ගෝලීය විශාලතම පාරිභෝගික වෙළඳපොල බවට පත් වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ. දේශීය හා ජාත්‍යන්තර ද්විත්ව චක්‍ර එකිනෙකා ප්‍රවර්ධනය කරන නව සංවර්ධන රටාව තුළින් නිෂ්පාදනය, බෙදා හැරීම, සංසරණය සහ පරිභෝජනය ඇතුළුව ඉතා සමබර හා යහපත් අන්දමින් ක්‍රියාත්මක වන දේශීය ආර්ථිකයක් දක්නට ලැබේ.

දේශීය වෙ‍ළඳ පොල ශක්තිමත් කිරීම සහ විවෘතභාවය පුළුල් කිරීම එකිනෙක සමග නොගැටේ. ගත වූ වසර 40කට වැඩි කාලයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය මගින් චීනය ලබාගෙන ඇති ජයග්‍රහණ සුවිසල් ය. එබැවින් ඉදිරියේදී චීනය අඛණ්ඩව විවෘතභාවය ක්‍රියාත්මක කරමින් ලෝකය සමග වඩාත් සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටී.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන