කොරොනා එන්නත් ගෝලීය මහජන සෞඛ්‍ය නිෂ්පාදනයක් බවට පත් කිරීමට අඛණ්ඩව කැපවන චීනය
2021-03-08 19:32:35
Share with:

කොරොනා එන්නත් ජනතාවගේ එන්නත් බවට පත් කිරීම සඳහා හැකියාව ඇති රටවල් උපරිමයෙන් උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා බෙයිජිංහි පැවැත්වෙන වාර්ෂික සැසිවාර දෙකේ මාධ්‍ය හමුවකට එක් වෙමින් පෙන්වා දී තිබේ. මේ වන විට චීනය කොරොනා එන්නත් නිෂ්පාදනය අතින් ලොව ඉදිරියෙන් ම සිටී. සිය එන්නත් ගෝලීය මහජන සෞඛ්‍ය නිෂ්පාදනයක් බවට පත් කළ බව චීනය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද ඔප්පු කර ඇත. ජාත්‍යන්තර එන්නත් පර්යේෂණ සහයෝගිතාව සහ එන්නත් සාධාරණ ලෙස රටවල් අතර බෙදා ගැනීම වෙනුවෙන් ද චීනය ඉතා ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටී. මේ වන විට චීනයේ කොරොනා එන්නත් වර්ග 17ක් පර්යේෂණ හෝ නිෂ්පාදන අදියරට පිවිස ඇති අතර රටවල් 60කට වැඩි සංඛ්‍යාවකින් චීන එන්නත් භාවිතය පිළිබඳ අවසර ලැබී තිබේ. එමෙන් ම හදිසි වසංගත පාලන අවශ්‍යතා තිබෙන රටවල් 69කටත් විවිධ රටවල සාම සාධන බලකායන් හා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩකයන්ටත් චීනය සිය එන්නත් පරිත්‍යාග කර ඇත. චීනය මෙලෙස කටයුතු කර ඇත්තේ කිසිදු දේශපාලන අරමුණක් හෝ කොන්දේසියක් නොමැතිව යැයි විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

කොරොනා එන්නත් නිෂ්පාදනය ගෝලීය වශයෙන් පවතින්නේ හිඟ තත්ත්වයක ය. ඇතැම් සංවර්ධිත රටවල් විශාල මුදලක් වැය කර එන්නත් ගබඩා කර තිබේ. තවත් ඇතැම් සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග කො‍රොනා එන්නත් බෙදා ගැනීමට අකැමැත්තෙන් සිටී. එපමණක් නොව එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකත්වය යැයි කියමින් එම රටවල් චීනය හා රුසියාවට චෝදනා නගා ඇත. මෙවන් ක්‍රියාකලාප ජාත්‍යන්තර වසංගත පාලනයට දැඩි ලෙස බාධා එල්ල කර තිබේ. කොරොනා එන්නත් සම්බන්ධයෙන් චීනය හා එම රටවල් කටයුතු කර ඇති ආකාරය අහස පොළොවට වගේ යැයි අමුතුවෙන් කිව යුතු නැත.‍‍‍

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන