‘ෂින්ජියංහි වර්ගවාදී ඝාතනය’ සම්පූර්ණයෙන්ම ව්‍යාජයක්
2021-03-08 10:00:29
Share with:

මෑතකදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තය පිළිබඳව අඛණ්ඩව අසත්‍ය පතුරුවමින් මානව හිමිකම් මුවාවෙන් චීනයට පීඩනය එල්ල කිරීමට උත්සාහ කර ඇත. 7 වනදා පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊට පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා ඇත. ‘ෂින්ජියංහි වර්ගවාදී ඝාතනය’ යන කියමන සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් බව ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රංශයේ ප්‍රකට ලේඛක Maxime Vivasගේ නව ග්‍රන්ථය : ‘උයිගුර් ජාතිකයින් පිළිබඳ ව්‍යාජ පුවත්වල අවසානය’ පිළිබඳව ද ඔහු සඳහන් කළේය. ෂින්ජියං වෙත ‍ගොස් නොමැති අය ෂින්ජියං පිළිබඳ ව්‍යාජ පුවත් මනා ඇත. ඔවුන් හිතාමතා ලෙස පුවත් නිර්මාණය කළ අතර එකිනෙකාට අසත්‍ය හුවමාරු කර ගන්නා බව හෙතෙම පැවසීය.

Maxime Vivasගේ එම ග්‍රන්ථය බටහිර ජනතාව සත්‍යය දැන ගැනීමට උපකාරී වේ. ප්‍රංශයේ ඇමසන් ‍අලෙවි වෙබ් අඩවියේ බොහෝ පාරිභෝගිකයින් එම ග්‍රන්ථය කෙරෙහි ඉහල ඇගයීම් සිදු කළේය. ‘සත්‍යය පදනම් වූ හොඳ පොතක්’ ‘අපට ඇසෙන දේවල් හා සම්පූර්ණයෙන් වෙනස්!’ ‘පැහැදිලියි, ඍජුයි’ යැයි ඔවුහු ‍ ප්‍රතිචාර පළ ක‍ළහ.

බොරු ගෙතීම හා අශ්ලීල රඟපෑම, බටහිර රටවල චීනයට එදිරිවාදී බලවේගයන්ගේ සුපුරුදු උපායකි. එම ව්‍යාජ තුළින් භයානකම දෙය නම්, ‘ෂින්ජියංහි වර්ගවාදී ඝාතනය’ යන්නයි. එහෙත් පසුගිය වසර 40ක් තුළ ෂින්ජියං ප්‍රදේශයේ උයිගුර් ජාතිකයින්ගේ ජනගහණය ගුණයකින් වැඩි වී තිබේ. වසර 2010ත් 2018ත් අතර කාලය තුළ ඔවුන්ගේ ජනගහණය සියයට 25කින් වර්ධනය විය. එය එහි වෙසෙන හන් ජාතික ජනගහණයේ වර්ධන අනුපාතයට වඩා 12 ගුණයක වැඩි වීමකි. මෙබඳු වර්ගවාදී ඝාතනයක් මේ ලොව පවතී ද?

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන