රටවල් 70 ක් චීනයේ හොංකොංහි ස්ථාවරත්වයට සහයෝගය දක්වන්නේ ඇයි?
2021-03-06 20:08:30
Share with:

රටවල් 70 ක් චීනයේ හොංකොංහි ස්ථාවරත්වයට සහයෝගය දක්වන්නේ ඇයි?_fororder_TIM图片20210306200719

ඊයේ (5) පැවති  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේදී බෙලාරුසය, රටවල් 70 ක් වෙනුවෙන් ඒකාබද්ධ දේශනයක් පවත්වා චීනය හොංකොං විශේෂ පරිපාලන කලාපයේ “එක් රටක්,ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට දක්වන සහයෝගය යළිත් අවධාරණය කළේය. හොංකොං කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර බාහිර ලෝකය ඊට මැදිහත් නොවිය යුතුය. මීට අමතරව, මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමේදී රටවල් 20 කට වැඩි සංඛ්‍යාවක් වෙන වෙනම අදහස් දක්වමින් චීනයේ හොංකොං ආශ්‍රිත ස්ථාවරයන් සහ මුලපිරීම් සඳහා සහාය දැක්වූහ.

චීනයේ හොංකොං හි ප්‍රතිපත්තිය ජාත්‍යන්තර ප්‍රජාව විසින් පුළුල් ලෙස පිළිගෙන ඇති බව මුළුමනින්ම පෙන්නුම් කරන්නේ රටවල් වැඩි වැඩියෙන් යුක්ති සහගත හඩ නැගීමෙනි.

හොංකොං වනු චීන මධ්‍යම රජයේ බල සීමාව යටතේ ඇති විශේෂ පරිපාලන කලාපයකි. බාහිර බලවේග විසින් එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ජීවගුණය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් බරපතල ලෙස උල්ලං ඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී චීනයේ හොංකොංහි  ස්ථාවරය සහ මුලපිරීම් සඳහා රටවල් 70 ක ඒකාබද්ධ සහයෝගය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර සබඳතාවල ප්‍රමිතීන්ට ගරු කිරීමකි.

හොංකොං හි "එක් රටක්, ක්‍රම දෙකක්"  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව චීනයට දක්වන සහයෝගය ද හොංකොං හි සැබෑ සංවර්ධනය මත පදනම් වේ. හොංකොං නැවත මව්බිමට පැමිණීමෙන් පසු මධ්‍යම රජයේ දැඩි සහයෝගය ඇතිව හොංකොං ජාත්‍යන්තර නිදහස් වරායක් සහ වෙනම රේගු ප්‍රදේශයක් ලෙස සිය තත්වය පවත්වා ගෙන යන අතර ජයග්‍රාහී සහයෝගීතාව ලොවට ගෙන දී ඇතැයි බාහිර ලෝකය දැක තිබේ. "එක් රටක්, ක්‍රම දෙකක්", චීනයට නැවත පැමිණීමෙන් පසු දිගුකාලීන සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා හොංකොං සඳහා ඇති හොඳම ආයතනික විධිවිධානය මෙය බව මුළුමනින්ම සනාථ කරයි.

මේ වන විට චීනයේ උත්තරීතර අධිකාරිය නිත්‍ය වාර්ෂික රැස්වීම පවත්වයි. වැදගත් න්‍යාය පත්‍රයක් වන්නේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය පරිපූර්ණ කිරීම පිළිබඳ කෙටුම්පත් තීරණය සලකා බැලීමයි. සම්මත වූ පසු, එය හොංකොං හි දිගුකාලීන ස්ථාවරත්වය සඳහා ශක්තිමත් ආයතනික සහයෝගයක් ලබා දෙන අතර, හොංකොං හි සමෘද්ධිය සහ සංවර්ධනයේ අවස්ථාවන් වඩාත් හොඳින් බෙදා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවට හිතකර කොන්දේසි නිර්මානය වීම නිසැකවම සිදු වෙයි .

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන