චීනයේ සංවර්ධන අරමුණු ලෝකය ද අපේක්ෂා කරන නිශ්චිතභාවයයි
2021-03-05 19:26:05
Share with:

චීනයේ සංවර්ධන අරමුණු ලෝකය ද අපේක්ෂා කරන නිශ්චිතභාවයයි_fororder_TIM图片20210305192453

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සමුළුව අද ආරම්භ විය . සමුළුවේදී සාකච්ජා හා පරීක්ෂාවන් සඳහා ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාව පසුගිය වසරේ සහ පසුගිය වසර පහේ සංවර්ධන ජයග්‍රහණ සාරාංශගත කළ අතර 2021 දී ප්‍රධාන කාර්යයන් සඳහා විධිවිධාන සැලැස්වීම සහ “14 වන පස් අවුරුදු සැලැස්මේ " ප්‍රධාන අරමුණු හා කාර්යයන්  සැකසීමක් ද කළේය.

පෙර වසරවල දී මෙන්, චීනයේ ආර්ථික වර්ධන ඉලක්කය සැසිවාර  දෙකට පෙර විදේශ මාධ්‍යවල සාකච්ඡා කේන්ද්‍රස්ථානය වී තිබේ. 2021 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන ඉලක්කය 6% ක් බවට නියම කරනු ලැබීය..මෙම ඉලක්කය චීනයේ ආර්ථික සංවර්ධනයේ අභ්‍යන්තර හා බාහිර තත්වය මුළුමනින්ම සැලකිල්ලට ගන්නා අතර ආර්ථික ක්‍රියාකාරිත්වයේ සැබෑ තත්වයට අනුකූල වේ.

පසුගිය වසරේ ධනාත්මක වර්ධනයක් අත්කර ගත් ලෝකයේ එකම ප්‍රධාන ආර්ථිකය චීනය බවට පත්ව ඇති අතර එහි අඩු වර්ධන පදනම සැලකිල්ලට ගෙන බාහිර ලෝකය මේ වසරේ චීනයේ ආර්ථික වර්ධනය පිළිබඳව වඩාත් සුබවාදී ය.ජාත්‍යන්තර පරිසරයේ අවිනිශ්චිතතාවය සහ නව සංවර්ධනයේ ප්‍රතිසංස්කරණ සඳහා ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් චීනය මේ වසරේ සිය වර්ධන ඉලක්කය 6% ට වඩා වැඩි කරගැනීම වඩාත් සාධාරණ, වඩාත් විද්‍යාත්මක හා සැබෑ අවශ්‍යතාවන්ට අනුකූල වේ.

ගෝලීය එන්නත් බෙදා හැරීම හා එන්නත ලබා දීමත් සමඟ 2021 සිට 2022 දක්වා ලෝකයේ ආර්ථික හා වෙළඳ සබඳතා ක්‍රමයෙන් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කිරීමට හේතුවෙන්  චීනයේ 6% ඉලක්ක සැකසුම ඉතා අර්ථවත් වන බව ජාත්‍යන්තර උපදේශන සමාගමක් වන කර්නි හි ගෝලීය හවුල්කරු වන Wang Yu පැවසීය.

ස්ථාවර වර්ධනයට අමතරව, චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ද මේ වසරේ රාජ්‍ය කාර්යයන්හි බොහෝ ප්‍රධාන අංශවලින් පිළිබිඹු වේ. එමගින්  නව පස් අවුරුදු සැලැස්මට හොඳ ආරම්භයක් ලැබෙන අතර සෞඛ්‍ය සම්පන්න, කාර්යක්ෂම හා තිරසර ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම සඳහා චීනයට හොඳ අඩිතාලමක් සැකසෙනු ඇත.

14වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කෙරෙන  මේ වසරේ දී, චීනය ස්ථාවර ආර්ථික ක්‍රියාකාරිත්වයක් පවත්වා ගෙන උසස් තත්ත්වයේ සංවර්ධනයක් සඳහා අඛණ්ඩව ඉදිරියට යමින්, අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටින ගෝලීය ආර්ථිකයට අඛණ්ඩව නිශ්චිතභාවයක් ලබා දීම නිසැකය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන