ලෝකය චීනයේ සැසිවාර දෙකෙන් අපේක්ෂා කරන අවස්ථා මොනවාද?
2021-03-04 17:00:27
Share with:

ලෝකය චීනයේ සැසිවාර දෙකෙන් අපේක්ෂා කරන අවස්ථා මොනවාද?_fororder_TIM图片20210304165630

චීනයේ ප්‍රතිපත්ති සංඥා මධ්‍යගතව මුදා හැරීමේ වේදිකාවක් ලෙස, වාර්ෂික සැසිවාර දෙක ලෝකයට චීනය නිරීක්ෂණය කිරීම සඳහා වැදගත් කවුළුවකි. ලතින් ඇමරිකානු ප්‍රවෘත්ති ඒජන්සි වාර්තාවක් පෙන්වා දුන්නේ, මෙම වසර චීනයේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සහ චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භය සනිටුහන් කරන බැවින්, සැසිවාර දෙකේ තීරණ වඩාත් වැදගත් බවයි. ඇත්ත වශයෙන්ම ගෝලීයකරණ තත්වය යටතේ එය චීනයට පමණක් නොව ලෝකයට ද වැදගත් ය.

"අපේක්ෂිත වර්ධනයට වඩා වේගවත් වර්ධනය " . මෙය 2020 දී චීනයේ ආර්ථික කාර්ය සාධනය පිළිබඳ විදේශීය මාධ්‍යවල ඇගයීමයි. තවමත් සංකීර්ණ හා දැඩි ආර්ථික තත්වය හමුවේ, "චීන එන්ජිම" අඛණ්ඩව ශක්තිමත් වේගයක් ලබා දෙනු ඇතැයි ලෝකය අපේක්ෂා කරයි. විශේෂයෙන් විවෘතභාවය ඇති කිරීම, නවෝත්පාදනයන් සහ හරිතකරණය සම්බන්ධයෙන්  චීනයේ සැසිවාර දෙක මගින් නිකුත් කරන සංඥාවලින් ලෝකයට පොදු සංවර්ධනය සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය කළ හැකිය.

මෙම වසරේ සැසිවාර දෙකෙහි වැදගත් අංගයක් වන්නේ “14වන පස් අවුරුදු සැලැස්ම” සහ 2035 වර්ෂය සඳහා වන දිගු කාලීන දැක්ම සමාලෝචනය කිරීම සහ සාකච්ඡා කිරීමයි. එම දිගු කාලීන දැක්ම ඉදිරි වසර 5 සහ 15 තුළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා මග පෙන්වීමකි. 2025 වන විට ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ ප්‍රමුඛතා සැකසීමට අපේක්‍ෂා කරන රාජ්‍ය කාර්යයන් පිළිබඳ වාර්තාව සහ 14 වන පස් අවුරුදු සැලැස්මේ කෙටුම්පත් මෙම සැසිවාර දෙකේ වඩාත්ම ජනප්‍රිය මාතෘකා බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

2021 දී චීනය නවීන සමාජවාදී රටක් සර්ව සම්පූර්ණ ආකාරයකින් ගොඩනැඟීමේ නව ගමනක් ආරම්භ කර තිබේ. මෙම වසර මෙන්ම ඉදිරි වසර 5 සහ ඉදිරි වසර 15 දක්වා ම සංවර්ධන සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ඉතා ඉක්මනින් අනාවරණය වනු ඇත. පැහැදිලි අරමුණු සහ සූක්ෂම සැලසුම් සහිත චීනයක්, ලෝකයේ දුර්ලභ ස්ථාවර බලවේගයක් බවට රහසක් නොවෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන