වසර සිය ගණනක් පුරා ඇමරිකාවේ පවතින වර්ගවාදය
2021-03-03 11:02:19
Share with:

පසුගිය වසරේ අප්‍රිකානු කළු ජාතිකයෙකු වන Daniel Prude ඝාතනය කළ සුදු ජාතික පොලිස් නිලධාරියා අපරාධ නඩුවට මුහුණ නොදෙන බව පසුගිය 23වන දින ඇමරිකානු මහ ජූලි සභාව ප්‍රකාශ කර ඇත. මෙය ඇමරිකානු වර්ගවාදයේ මනා පිළිබිඹු වීමකි. මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වැනි සැසියේදී බොහෝ විශේෂඥයන් හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඇමරිකානු රජය පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වමින් රටේ පවතින වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් තුරන් කළ යුතු බවයි.

ඇමරිකානු සමාජයේ දිගු කාලයක් පවතින වාර්ගික ප්‍රශ්න 2020 වසරේදී කොරොනා වසංගතය හේතුවෙන් තවත් උග්‍ර විය. 2020 වසරේ ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ වාර්තාවට අනුව, අප්‍රිකානු සම්භවයක් ඇති කොරොනා ආසාදන අනුපාතය, රෝහල්ගත වීමේ අනුපාතය සහ මරණ අනුපාතය සුදු ජාතිකයින්ට වඩා පිළිවෙලින් 3 ගුණයකින්, 5 ගුණයකින් සහ  දෙගුණයකින් වැඩි වී තිබේ. අප්‍රිකානු ඇමරිකානුවන් සුදු ජාතිකයින්ට වඩා 3 ගුණයකින් පොලීසිය විසින් මරා දමනු ලැබෙන බව ද එම වාර්තාව සඳහන් කරයි. නිව්යෝර්ක් හි ආසියා සම්භවය සහිත ඇමරිකානු නීතිඥ සංගමයේ දත්තවලට අනුව, 2020 වසරේ එම නගරයේ වෛරී අපරාධවලට ගොදුරු වූ ආසියාතිකයන්ගේ සංඛ්‍යාව 2019 වසරට වඩා 867% කින් ඉහළ ගොස් ඇත!

වසර සිය ගණනක් පුරා ඇමරිකාවේ පවතින වර්ගවාදය මෙතෙක් තුරන් වී නැත්තේ සුදු ජාතිකයන්ට සැමවිටම මුල් තැන දීම සිදුවන බැවිනි. සිය අසාර්ථක වසංගත පාලනය වෙනුවෙන් ට්‍රම්ප් රජය චීනයට ‍දොස් පැවරීම හේතුවෙන් ඇමරිකාව තුළ ආසියාතිකයන් පිළිබඳ නව වාර්ගික වෙනස්කම් හා වෛරය ඇති වී තිබේ. ඇමරිකානු දේශපාලනඥයන් සිය දේශපාලන වාසි ගැන පමණක් සලකන බැවින් වර්ගවාදය තුරන් කිරීමට කිසිදු ප්‍රායෝගික පියවරක් ගෙන නොමැත. මානව හිමිකම් පිළිබඳ ද්විත්ව මිනුම් අනුව කටයුතු කිරීම නතර කරමින් සිය වාර්ගික ප්‍රශ්න ක්‍රියාවෙන් විසඳා ගැනීම ඇමරිකානු රජයේ බැරෑරුම් කාර්යයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන