ඇමරිකාවට චීනය සඳහා නව වෙළඳ මාර්ග සිතියමක් අවශ්‍ය වෙයි
2021-03-03 19:49:35
Share with:

ඇමරිකාවට චීනය සඳහා නව වෙළඳ මාර්ග සිතියමක් අවශ්‍ය වෙයි_fororder_TIM图片20210303194801

ඇමරිකානු වෙළඳ නියෝජිතයාගේ කාර්යාලය එහි ප්‍රාදේශීය වේලාවෙන්  1 වන දින එරට රජයේ වෙළඳ මාර්ග සිතියම නිරූපණය කරමින් “2021වෙළඳ න්‍යාය පත්‍රය සහ 2020 වාර්ෂික වාර්තාව” නිකුත් කළේය. පිටු 308ක එම  ලේඛනයේ “චීනය” යන්න 400 වතාවකට වඩා සඳහන් කර ඇති අතර, නව රජය ඊනියා චීනයේ “අසාධාරණ වෙළඳ භාවිතයන්” සමඟ කටයුතු කිරීම සඳහා “පවතින සියලු මෙවලම්” භාවිතා කරන බවට තර්ජනය කළේය.

කොරොනා වසංගතය ලෝකයට බලපාන සහ ලෝක ආර්ථිකයට හදිසි ප්‍රකෘතියක් අවශ්‍ය වන මොහොතක, චීනය වෙත ගැටුම අවුලුවන ඇමරිකානු පාර්ශවයේ වෙළඳ මාර්ග සිතියම සුදුසු නොවන අතර පිළි ගත නොහැකි එකකි.‍

ෆෝබ්ස් සඟරාවේ මෑත වාර්තාවකට අනුව කෘෂිකාර්මික නිෂ්පාදන  ඇතුළු චීනයට අපනයනය ඉහළ යාමේ ප්‍රතිලාභ ලැබීම හේතුවෙන් චීනය මෙක්සිකෝව අභිබවා 2020 දී නැවතත් ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්විය. අපනයනය මත යැපෙන ඇමරිකාවේ කර්මාන්ත සඳහා චීනය අසමසම වෙළඳපොලක් සපයන බවට එයින් කිසිදු සැකයක් නැත. ඇමරිකානු වාණිජ මණ්ඩලය සහ රොංඩිං සමූහය විසින් මෑතකදී නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව චීනය සමඟ ඇති සියලුම වෙළඳාම සඳහා ඇමරිකාව 25% ක තීරුබදු පැනවුවහොත්, 2025 වන විට ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයට  වසරකට ඩොලර් බිලියන 190 ක් අහිමි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. අවාසනාවකට මෙන්, මේ දක්වා, ඇමරිකානු රජය තවමත් චීන භාණ්ඩ සඳහා පෙර පරිපාලනය විසින් පනවා තිබූ ඉහළ තීරුබදු රඳවා තබා ගනී.

චීනයේ ආයෝජනය කරන ඇමරිකාවේ සමාගම් ද ජයග්‍රාහී සහයෝගීතාවයේ මූලධර්මයට පටහැනි මෙවැනි වෙළඳ මාර්ග සිතියමක් දැකීමට මැලිකමක් දක්වයි. ඇමරිකානු ව්‍යවසායන්ට චීනයෙන් වෙන්වීමට බල කළහොත්, ඔවුන්ට ගෝලීය තරඟකාරිත්වය අහිමි වීමේ අවදානමට මුහුණ දීමට සිදුවේ.

දේශපාලන බලය මගින් ආර්ථික නීතිය වෙනස් කිරීමට උත්සාහ කිරීම යථාර්ථවාදී නොවන අතර  හානිකරය. වෙළඳපොල ආර්ථිකයේ නීතිවලට සහ නිදහස් වෙළඳ නීතිවලට ගරු කර වෙනස්කම් පාලනය කරමින් සහයෝගීතාව ශක්තිමත් කිරීමේ නව මාර්ග සිතියමක් චීනය සමඟ වෙළඳාම සඳහා ඇමරිකාවට නිසැකවම අවශ්‍ය වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන