ශ්‍රී ලංකාව දේශීය වෛද්‍ය පර්යේෂණ ඉදිරියට ගෙන යයි
2021-03-02 16:33:46
Share with:

ශ්‍රී ලංකාව දේශීය වෛද්‍ය පර්යේෂණ ඉදිරියට ගෙන යයි_fororder_University-logo-1

ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස , ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත වෙයි.

ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය 1929 වර්ෂයේ ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත් ජී.පී.වික්‍රමආරච්චි මහතා විසින් ආරම්භ කළා. මෙතෙක් කලක් දේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා කැප වූ කැලණිය විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතනයක් ලෙස පැවැත්වුණු එම විශ්ව විද්‍යාලය මාර්තු මාසයේ පළමුවැනිදා  නිල වශයෙන් ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකාවේ  16 වන ජාතික විශ්ව විද්‍යාලය ලෙසයි.

1929 වර්ෂයේ, ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත් ජි. පි. වික්‍රමාරච්චි මහතා විසින් ශිෂ්‍යයින් 20ක් සමග ආරම්භ කෙරුණු ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, සම්ප්‍රදායික සිද්ධායුර්වේද වෛද්‍යශාස්ත්‍රය ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රචලිතයි. කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව පැවති මෙම විද්‍යායතනය, දේශීය වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ට ගෝලීය මධ්‍යස්ථානයක් බවට පත්කිරීම එහි අරමුණ යි.

මෙම විද්‍යායතනයට වසර 77 ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අතර, දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ බොහෝ දේශීය මෙන්ම ජාත්‍යන්තර ශිෂ්‍යයින් ද මෙහි අධ්‍යාපනය ලබා ගත්තා. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සුවිශේෂී ස්ථානයක් පවත්වා ගෙන යාම සහ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම යන අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙම විද්‍යායතනය අඛණ්ඩව උත්සාහ දරනවා.

විශ්ව විද්‍යාලයේ පළමු උප කුලපති සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු උප සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පසුගියදා පැවති සමාරම්භක උත්සවය අමතමින් පැවසුවේ, වසර 77 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාවේ කේන්ද්‍රස්ථානයක් වූ මෙම ඓතිහාසික විද්‍යායතනය, අංගසම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට ලැබීම ගැන සතුටු වන අතර, විශේෂයෙන් කොරොනා වසංගතය හේතුවෙන් දේශීය වෛද්‍ය විද්‍යාව ජනප්‍රිය වී ඇති යුගයකදී, ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාව මේ සමඟ ලොවට ගෙනයාමට ද බලාපොරොත්තු වන බවයි . 

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාව සාමාන්‍ය ජනතාව අතර ප්‍රවර්ධනය කිරීමේ  හා දැනුවත් කිරීමේ මුලපිරීමක් ලෙස විශ්ව විද්‍යාලයේ දැනටමත් ඇති පූර්ණ කාලීන අධ්‍යාපන වැඩසටහන් වලට අමතරව අලුතින් පශ්චාත් උපාධි හා අර්ධ කාලීන වැඩසටහන් ද හදුන්වාදීමට සූදානම් වෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන