මෙම යුවාන් ට්‍රිලියන සියයක පිටුපස “ජනතාවගේ ජීවනෝපාය” යන වචනය ගැබ්වී තිබේ
2021-03-01 19:08:14
Share with:

මෙම යුවාන් ට්‍රිලියන සියයක පිටුපස “ජනතාවගේ ජීවනෝපාය” යන වචනය ගැබ්වී තිබේ_fororder_TIM图片20210301190703

යුවාන් ට්‍රිලියන 101.5986 කි . එය පෙර වසරට වඩා 2.3% ක වර්ධනයකි. පෙබරවාරි මස අවසානයේ නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශනයේ 2020 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ මූලික ගණනය කිරීම මෙයයි. අසාමාන්‍ය වසරකින් පසු යුවාන් ට්‍රිලියන සීයයකට අධික ආර්ථික වත්කම් එකතුව කොතරම් දුෂ්කරතාවයෙන් ලබන්නට ඇත් දැයි චීනයේ සෑම දෙනාම දනිති.

චීන ආර්ථිකය සාර්ථකව  ක්‍රියාත්මක කළ හැක්තේ ඇයි? හේතුව වනුයේ රජය තීරණ ගැනීමේ දී ජනතාවගේ යහපැවැත්ම ආරම්භක ලක්ෂ්‍යය ලෙස සැලකීමයි.

වසංගත තත්ත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධීකරණය කිරීමේ ගෝලීය ගැටලුව හමුවේ, චීනයේ පිළිතුර වන්නේ රැකියා හා ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම වඩාත් වැදගත් තැනක තැබීම සහ වෙළඳපොළ ව්‍යාවසායන් සඳහා අදාළ ප්‍රතිපත්ති කෙලින්ම සකස් කර ක්‍රියාත්මක කිරීමය.එමෙන්ම බදු අඩු කිරීම සහ මහා පරිමාණයෙන් ගාස්තු  ගෙවීම සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් සඳහා මූල්‍ය ආධාර වැඩි කිරීමය. මෙසේ කිරීමෙන් අවදියක ජයග්‍රහණ ලබා ගත හැකි විය . 2020 අවසන් වන විට ර‍ට පුරා  නාගරික විරැකියා අනුපාතය 5.2% ක් වන අතර ලියාපදිංචි නාගරික විරැකියා අනුපාතය 4.2% ක් විය. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව වසර දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් 10000 ඉක්මවා ගියේය.

චීනයේ ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත් කිරීම "ගෝලීය ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන බලවේගය" බවට පත්ව ඇත. චීනයේ සම්පූර්ණ කාර්මික පද්ධතිය සහ සුමට සැපයුම් පද්ධතිය බොහෝ රටවල වසංගත වැළැක්වීමේ නිෂ්පාදන, නේවාසික ජීවිත සහ කාර්යාල සැපයුම් සඳහා අවශ්‍යතා සපුරාලයි. අදාළ කලාපවල සංඛ්‍යාලේඛනවලට අනුව, 2020 දී චීනය පළමු වරට ඇමරිකාව අභිබවා යමින් යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්වු අතර මෙක්සිකෝව අභිබවා යළිත් ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්විය. එක් තීරයක්, එක් මාවතක් වැඩපිළිවෙලට අදාළ රටවල් සඳහා වු සමස්ත ආනයන හා අපනයන පරිමාව පෙර වසරට වඩා  1% කින් වැඩි විය.

චීනය අඛණ්ඩව විවෘත කිරීම ගෝලීය ව්‍යවසායන් සඳහා දුර්ලභ ආයෝජන අවස්ථා ගෙන එයි. එමෙන්ම චීනයේ ආර්ථික ප්‍රකෘතියේ වේගය දිගටම පැවතීම වඩා යහපත් ජීවිතයක් සඳහා වැඩි පිරිසක් සහභාගි කර ගැනීම යථාර්ථයක් වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන