ලෝක දරිද්‍රතාව තුරන් කිරීමට දායක වන චීනය
2021-02-27 16:45:01
Share with:

අන්ත දරිද්‍රතාව තුරන් කළ බව පසුගිය 25වනදා චීනය ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රයෙන් නියම වූ දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්කය වසර 10කට පෙර චීනය සම්පූර්ණ කර ඇතැයි ඉන් සනිටුහන් වේ. විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වශයෙන් චීනය දරිද්‍රතාව පිටුදැකීමේදී ලද ජයග්‍රහණය ලෝකයේ දුප්පත්කමෙන්‍ බේරා ගැනීම පිළිබඳ විශ්වාසය බොහෝ දුරට ශක්තිමත් විය. මේ තුළින් ලෝකයට හඳුන්වා දෙනු ලැබූ අත්දැකීම් ද මහඟුය.

චීනය දුප්පත්කම සමග සටන් කිරීමේදී, සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ද ප්‍රායෝගික ලෙස සහාය දී තිබේ.  පසුගිය වසර 60 තුළ චීනය රටවල් හා ජගත් සංවිධාන 166කට සහන සේවකයින් ලක්ෂ හයක් පමණ යවා ඇත. යුවාන් බිලියන 400ක පමණ මුල්‍යාධාර සපයා ඇත. ණය පීඩනය ඇති රටවල් හා ඌන සංවර්ධිත රටවල් සමග අන්තර් රාජ්‍ය ණය චීනය විසින් හත් වතාවක් කොන්දේසි රහිතව අවලංගු කරනු ලැබීය.

ඉතා කෙටි කාලයක් තුළ එපමණ විශාල ජනගහණයක් දුප්පත්කමෙන් මුදවා ගැනීමට දායක වූයේ චීනය පමණය. දරිද්‍රතාවයෙන් තොර පොදුවේ සංවර්ධනය වන ලෝකයක් බිහි කිරීමට චීනය හැකි පමණින් කැප වෙමින් සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන