පෙර රජයේ මාවතට අවතීර්ණ වෙමින් සිටින ඇමරිකානු නව රජයේ ප්‍රතිපත්ති කොයිබට ද ?
2021-02-26 16:06:54
Share with:

ඇමරිකා නව රජය පෙර රජයේ මාර්ගය අනුගමනය කරන හේතු කව‍රේ ද ?

ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති ධුරයට පත්වී මසක කාලයක් ගතවී තිබේ. ධුරයට පත්වීමේ ආරම්භක කාලයේ ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කළේ වසංගතය‍‍ට මුහුණ දීම හා ආර්ථීක පුනරුත්ථාපනය ප්‍රධාන වගකීම් දෙකක් ලෙසට ගෙන ක්‍රියාකරනු ඇති බවයි.එහෙත් වත්මන් තත්ත්වය සැලකීමේ දී එම වගකීම් දෙක ම විශාල අභියෝගයන්ට මුහුණ දී ඇත. මේවන විටත් ඇමරිකාවේ නව කොරොනා වසංගතයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 5ක් දක්වා වැඩි වී ඇත.වසංගතය පාලනය කළ හැකි කාලයක් පිළිබඳව තවමත් පැහැදිලි නොමැත. ඊට අමතරව,මෑතකදී ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ සභාපති Jerome Powell මහතා පැවසුවේ ඇමරිකාවේ ආර්ථීක ඉදිරි දැක්ම ඉහළ මට්ටමේ අවිනිශ්චිතතාවක පවතින බවයි.  

එම තත්ත්වය යටතේ, අදාළ වගකීම් දෙක සාර්ථකව සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් ඇමරිකානු දේශපාලනඥයන්ට සිදු කළ හැක්කේ කවරක් ද ? අදාළ වගකීම් වෙනත් රටවලට පවරා දීම නම් ඔවුන්ගේ සුපුරුදු ක්‍රමයයි. චීනය අවාසනාවන්ත ලෙස යළිත් ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇත. මෑතකදී චීනය සම්බන්ධ කටයුතු වලට ඇමරිකානු දේශපාලනඥයන් දැක්වූ අදහස් මගින් එය ඉතා පැහැදිලිය. චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දුන් වසංගත‍ මූලාරම්භය හා සම්බන්ධ දත්ත කෙරෙහි මෑතකදී ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු සහකාරවරයා විවේචන පළ කර තිබේ. එමෙන්ම Munich ආරක්ෂක සමුළුවේදී, ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කළේ චීන ආර්ථීක උල්ලංඝනය කිරීම් හා බලහත්කාරකම් සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි.

එළඹෙන වසරේ මධ්‍ය කාලීන මැතිවරණ ජයග්‍රහණ අපේක්ෂාව මෙන්ම දේශපාලන පක්ෂ අතර ගැටළු හා චීන විරෝධී බලවේගයන් ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ජෝ බයිඩන්ගේ නව රජය පෙර රජය ක්‍රියාත්මක කළ වගකීම් චීනයට පවරා දීමේ මාර්ගයට නොදැනුවත්ව හෝ ගමන් කරමින් සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන