කාලාන්තරයක් තිස්සේ බටහිර මාධ්‍ය චීනයේ ශින් චියං ස්වායත්තය පිළිබඳව හිතා මතා පළ කළ අසත්‍ය වාර්තා හෙළි වෙයි
2021-02-25 14:55:42
Share with:

පසුගිය දා පැවති චීන කොමියුනිස්ට් පක්ෂය පිළිබඳ කතා තේමාගත වීඩියෝ සමුළුවකදී චීනයේ ශින් චියං ස්වායත්තය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. රටවල් 80ක පමණ දේශපාලන පක්ෂ හා සංවිධාන 190ක දේශපාලනඥයෝ 300 දෙනෙක් පමණ එම වීඩියෝ සමුළුවට එක් වූහ. ශින් චියං ස්වායත්තයට ගොස් ඇති ඔවුන්ගෙන් බොහෝ අය එහිදී සියැසින් දුටු ශින් චියං පිළිබඳව අදහස් දැක්වූහ. ත්‍රස්තවාදය හා අන්තවාදය මර්දනය කිරීම, දරිද්‍රතාවය පිටුදැකීම සහ ජාතික සමගිය ඇතුළු ක්ෂේත්‍රවල ශින් චියං අත්කරගෙන ඇති ජයග්‍රහණ, එම සමුළුවේදී ප්‍රදර්ශනය වූ දත්ත, ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් විදහා දැක්විණ.

මීට සමගාමී ව පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වැනි සමුළුවේ ඉහළ පෙළේ සැසියකදී චීන විදේශ අමාත්‍ය වං යී මහතා දේශනයක් පවත්වමින් කියා සිටියේ, ශින් චියං ස්වායත්තයේ කිසි විටෙක " ජන සංහාරයක් ", " බලහත්කාරයෙන් වැඩ කරවීමක් " සහ " ආගමික හිංසනයක්" සිදු වී නැති බවයි.

කාලාන්තරයක් තිස්සේ බටහිර මාධ්‍ය චීනයේ ශින් චියං ස්වායත්තය පිළිබඳව හිතා මතා අසත්‍ය තොරතුරු වාර්තා කරයි. මානව හිමිකම් උපයෝගී කරගෙන ඔවුන් ශින් චියං හි මානව හිමිකම් පිළිබඳ සැබෑ තත්ත්වයන් විකෘති කරමින් අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කර තිබේ. ශින් චියං හි සැබෑ තත්ත්වයන් කවරක් ද ? චීන විදේශ ඇමතිවරයා සහ ඉහත සඳහන් වීඩියෝ සමුළුවට එක් වූ විදේශ දේශපාලනඥයන් වෙන් වෙන් ව සිය අදහස් දක්වා ඇත. එපමණක් නොව තවත් බොහෝ විදේශිකයන් ශින් චියං පිළිබඳ තමන්ගේ මත පළ කර තිබේ. ශින් චියංට 5 වතාවක් ගොස් ඇති බ්‍රිතාන්‍යයේ විශ්‍රාමික පොලිස් නිලධාරී Jerry Grey මහතා කියා සිටියේ, තමන් වඩාත් විශ්වාස කරන්නේ බටහිර මාධ්‍ය වාර්තා නොව තමන්ගේ දෑස් බවයි. ප්‍රංශයේ ප්‍රකට ලේඛක Maxime Vivas මහතා  පසුගිය දා එළි දැක්වූ “උයිගුර්  ජාතියේ ව්‍යාජ ප්‍රවෘත්තිවල අවසානය” යන ග්‍රන්ථයෙන් ශින් චියං හිදී තමන් ලද පෞද්ගලික අත්දැකීම් සඳහන් කරමින් ඔහු බටහිර මාධ්‍ය මැවූ අසත්‍ය වාර්තා හෙළි කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන