දරිද්‍රතාව පිටු දැකීම නව පරිච්ඡේදයක ඇරඹුමකි!
2021-02-25 20:29:50
Share with:

චීනය අන්ත දිළිඳුකම තුරන් කිරීමේ කටුක කාර්යභාරය සම්පූර්ණ කර ඇතැයි ද එය මානව ඉතිහාසයේ තවත් හාස්කමක් යැයි ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(25) බෙයිජිංහිදී ගාම්භීර ලෙස ප්‍රකාශ කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය සමස්ත ලෙසින් දිළිඳුකම තුරන් කිරීම සඳහා උද්‍යෝගිවත් ලෙස කැප වෙමින් එය පාරම්පරික මෙහෙවරක් ලෙස සලකන ආණ්ඩු පක්ෂ, මේ ලෝකය තුළ විරලය.

මේ අතර චීන මධ්‍යම රජයේ සිට ප්‍රදේශ දක්වා, චීනය ඉතා පරිපූර්ණ කාරක යාන්ත්‍රයක් සකස් කොට මුළු සමාජයේ සහභාගීත්වයෙන් යුත් දිළිඳුකම පිටුදැකීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත. එය චීනයේ අන්ත දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යායාමයට බලවත් ප්‍රතිපත්තිමය සහතිකයකි.

ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් චීනයේ දිළිඳුකම තුරන් කිරීමේ ජයග්‍රහණය, රටේ මානව හිමිකම් ආරක්ෂාවේ දියුණුවට පිළිබිඹුවකි. ලෝකයේ දිළිඳුකම මර්දන ව්‍යායාමය ද මෙයින් වර්ධනයක් ලබා ඇත. සංඛ්‍යාලේඛනවලට අනුව චීනය ලෝකයේ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යායාමයට සිදු කළ දායකත්වය සියයට 70කට අධිකය.

චීන ආණ්ඩු පක්ෂයේ දැක්මට අනුව, දිළිඳුකම පිටුදැකීම, ජන ජීවිතය යහපත් කරලීම, පොදු පොහොසත්කම ළඟා කර ගැනීම, සමාජවාදී ක්‍රමයේ මූලික ඉල්ලීමය. දරිද්‍රතාව පිටුදැකීම නම්, නව ජීවිතයේ හා නව ව්‍යායාමයේ සමාරම්භයක් මිස, එය ගමනාන්තයක් නොවේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන