අනාගත දිශාව අරමුණු කර ගනිමින් වෙනස්වන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය
2021-02-23 09:35:34
Share with:

මනා අධ්‍යාපන පද්තියක් බිහි කිරීම රටක සංවර්ධනයට ඉතා වැදගත් බව‍ පොදු පිළි ගැනීමක්. ප්‍රවීණයන් පුහුණු කිරීම, මුළු රටේ ජනතාවගේ ගුණය ඉහළ මට්ටමකට නංවාලීමට ඉවහල් වන අතර රටේ අනාගතය මෙන්ම ඉරණම හා තදින් බැ‍ඳෙනවා. 21 වැනි සියවසේ වැදගත් ම සාධකයක් උසස් ප්‍රවීණයන්. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබෙනවා.

ගෝලීය වශයෙන් සිදුවන හැල හැප්පීම් හා පරිවර්තනවලට ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතු යැයි ද පසුගාමී විය නොහැකි යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා පවසා තිබෙනවා. මෙරට උසස් අධ්‍යාපන ක්‍රමය නවීන ක්‍රම සමඟ ඉක්මණින් හැඩගැසිය යුතු යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මෙරට අධ්‍යයන ක්ෂේත්‍රය කුමක් වුවද සියලුම සිසුන්ට තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යා විෂය වශයෙන් හඳුන්වා දෙන ලෙස උපකුලපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ එම කරුණු නිසා යැයි ද ජනාධිපතිවරයා පැවසුවා.

අනාගතයේ බිහිවන සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ම තමාගේම යහපත සලසා ගැනීමේ හා රටේ ආර්ථිකයට ධනාත්මක ලෙස දායක වීමේ හැකියාවෙන් යුක්ත වීම සිය දැක්ම යැයි ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එසේ වූ විට උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන වෙනස්කම් ඉටු කර ගත හැකි යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ලෝකය වේගවත් වෙනස්කම්වලට භාජනය වෙමින් පැවතුණත්, විශ්වවිද්‍යාල ගෝලීය වශයෙන් තරගකාරී උසස් ආයතන බවට පත්කරමින් තරුණ තරුණියන් ඉහළට ඔසවා තබමින් අනාගත ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව දැඩිව විශ්වාස කරන බව හෙතෙම ප්‍රකාශ කළා. රටේ සහ අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා මේ ප්‍රයත්නය සඳහා නිර්මාණාත්මකව හා ධනාත්මකව මුළු හදින්ම දායක වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

රටේ අනාගතය වන තරුණ තරුණියන් වෙනුවෙන් මනා අධ්‍යාපනයක් ලබා ගැනීමේ පරිසරයක් නිර්මාණය කර දීම රජය වශයෙන් භාර ගත යුතු වගකීමයි. ඒ සඳහා ඊට අදාළ යටිතල පහසුකම්, ගුණාත්මක ගුරු සම්පත්, දියුණු අධ්‍යාපන සංකල්පය, අධ්‍යාපන සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම ඇතුළු බොහෝ සාධකයන් අවශ්‍ය වෙනවා. තරුණ තරුණියන්ට තමා වර්ධනය කිරීම සඳහාත් රටේ සංවර්ධනය සඳහාත් හෘදයාංගම ලෙසත් දේශප්‍රේමී ලෙසත් දායක විය යුතු බව ද සඳහන් කෙරෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන