ඇමරිකා දේශපාලනඥයන් ජනතා‍ව මුල් තැනෙහි තබා කටයුතු නොකළහොත් ජනතාව ඔවුන් අත්හරිනු ‍නො අනුමානය!
2021-02-23 19:39:32
Share with:

ලක්ෂ පහක් , මේ 22 වනදා වන විට ඇමරිකාවේ කොරොනා වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාවය. 76ක්,මේ මෙම සීතල සමයේ එරට කුණාටුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාවය. ‍විස්මයජනක මෙම සංඛ්‍යා දෙක, ඇමරිකානු ජනතාව, වසංගතය හා ස්වභාවික විපත් හමුවේ අත්දුටු වේදනාවේ පිළිබිඹුවකි. ඛේදජනක සිදුවීම් යළි යළිත් සුපිරි රටක මතු වීමට හේතුව කුමක් ද යන ප්‍රශ්නයක් ලෝ වැසියන් තුළ පහල විය හැකිය.

‍දේශපාලන වාසී හැම විටම මුල් තැනට තබා තිබෙන රටක සිටින ජනතාව අහිංසකය.

ගෙවී ගිය වසර තුළ ඇමරිකාවේ දේශපාලන පක්ෂ අතර ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව උත්සන්න විය. ඕනෑම ක්ෂේත්‍රයක් පක්ෂ දෙක බලය හඹා ගිය වේදිකාවක් බවට පත් විය හැකිය. ඕනෑම මාතෘකාවක් දේශපාලනීකරණය විය හැකිය.

කොරොනා වසංගතයට මුහුණ දීමේදී මුඛ ආවරණ පැළඳිය යුතු ද නැද්ද යන්න පිළිබඳවත්, ආර්ථිකය බේරා ගැනීමේ සැළැස්ම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් වෛද්‍ය උපකරණ හා එන්නත් ලබා දීම පිළිබඳවත් ඇමරිකාවේ පක්ෂ දෙක, ඡන්ද හා වාසී සඳහා උග්‍ර ලෙස සටන් කර තිබිණ. වසංගතය පාලනය කිරීමේ කාර්යක්ෂමතාව ඉන් බොහෝ දුරට පහල ගොස් ඇත.

ටෙක්සක් ජනපදයේ විදුලි බල සැපයුම් අර්බුදයට මුහුණ පා සිටින දේශපාලනඥයන් අවධානය යොමු කර ඇත්තේ වගකීම් එකිනෙකාට පවරා දීමට මිස, ජනතාවට සහාය දැක්වීමට නෙවෙයි.

ඇමරිකාවේ දේශපාලනඥයන් අඛණ්ඩව ජනතාවගේ ජීවිතය, ආරක්ෂාව හා යහපත සිතට නොගතහොත්, දේශපාලන ධ්‍රැවීකරණය වර්ධනය වීමට ඉඩ දුනහොත්, ඔවුන් ජනතාව විසින් අත්හරිනු ලැබීම ඒකාන්තය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන