කොරොනා එන්නත් ගෝලීය පොදු නිෂ්පාදිතයක් ලෙස එළිදැක්වීමට දුන් පොරොන්දුව එලෙසින් ම ඉටු කරමින් සිටින චීනය
2021-02-22 16:22:17
Share with:

කොරොනා එන්නත් ගෝලීය පොදු නිෂ්පාදිතයක් ලෙස එළිදැක්වීමට පොරොන්දු දුන් චීනය එලෙසින් ම සිය පොරොන්දු ඉෂ්ට කරමින් සිටී. සාම්ප්‍රදායික වසන්ත උත්සව නිවාඩු කාලය තුළදීත් චීනය සෙසු රටවලට එන්නත් පරිත්‍යාග කිරීම හෝ සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කළේය. මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් කළ සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට චීනය එන්නත් සහනාධාරය වශයෙන් ලබා දී තිබේ. රටවල් 22කට එන්නත් අපනයනය කෙරෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ  ඉල්ලීමකට අනුව චීනය COVAX සැලැස්මට එන්නත් කෝටියක් සැපයීමට තීරණය කර ඇත. ඒවා සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි අවශ්‍යතාව සපුරාලීමට අපේක්ෂා කෙරේ.

චීන එන්නත් කෙරෙහි බොහෝ රටවල් අපේක්ෂාවෙන් සිටී. මේ අතර එමගින් ඉතා උදාසීන සත්‍යයක් අනාවරණය විය. එම රටවලට බටහිර රටවලින් එන්නත් ලබා ගැනීමේ ක්‍රම හා හැකියාවන් ප්‍රමාණවත් නොමැත.

දැනට ගෝලීය එන්නත් ලබා ගැනීමේදී බරපතල අසමබරතාවක් හා අසාධාරණත්වයක් පවතින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෑතකදී කණස්සල්ල පළ කරමින් ප්‍රකාශ කර ඇත. සංවර්ධිත රටවල් ඇණවුම් කළ එන්නත් ප්‍රමාණය, ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා බිලියනයකින් වැඩි වූ බව ජාත්‍යන්තර ලාභ නොලබන සංවිධානයක් වන ONE Campaign වාර්තා කර ඇත.

සමගිය හා සහයෝගතාව වසංගතය ජය ගැනීමේ බලවත්ම අවිය බව සත්‍ය තත්ත්වයන් ගෙන් යළි යළිත් ඔප්පු වී තිබේ. වගකියන දැවැන්ත රටක් වශයෙන් චීනය හැකි පමණින් එන්නත් විවිධ රටවල ජනතාවට ලබා ගත හැකි, දැරිය හැකි පොදු නිෂ්පාදිතයක් බවට පත් කිරීමට තැත් කරනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන