චීන ආර්ථිකයට දැවැන්ත ජවයක් වු දේශීය පරි‍භෝජනය
2021-02-18 20:47:35
Share with:

චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු නිවාඩු කාලයේ රටේ ප්‍රධාන සිල්ලර හා ආහාර පාන ව්‍යවසායන්, චීන යුවන් බිලියන 821ක පමණ අලෙවියක් අත්කර ගෙන ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (17) නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. එම අලෙවිය 2020 වසරේ සමාන කාලයට වඩා 28.7%ක වර්ධනයකි.

මෙවර සාම්ප්‍රදායික අලුත් අවුරුදු නිවාඩු කාලයේ චීනයේ පාරිභෝගික වෙළඳපොලෙන් නව ලක්ෂණ රැසක් ප්‍රදර්ශනය වී තිබේ. එම කාලයේ සාම්ප්‍රදායික සාප්පුවල හැරෙන්නට අන්තර්ජාල සාප්පුවල ද පැවතුණේ උණුසුම් පාරිභෝගික අවශ්‍යතාවකි. කොරොනා වසංගත පාලනය වෙනුවෙන් බොහෝ චීන ජාතිකයන් අලුත් අවුරුදු කාල‍යේ ආපසු සිය ගම් බිම්වලට යාමෙන් වැළකී සිටි බැවින් අන්තර්ජාල භාණ්ඩ අලෙවිය පෙරට වඩා වර්ධනය වී ඇත. එම කාලයේ සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට නැරඹීමට බො‍හෝ චීන ජාතිකයන් උනන්දු වී තිබේ. සතියක පමණ නිවාඩු කාලය තුළ සිනමා ශාලාවලට ගිය ‍චීන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව කෝටි 16කි. චිත්‍රපට ප්‍රවේශ පත්‍ර අලෙවි ආදායම චීන යුවන් බිලියන 8 ඉක්මවා ගියේ ය. අලුත් අවුරුද්ද වෙනුවෙන් චීන පාරි‍භෝගිකයන් වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සහ විද්‍යා තාක්ෂණික භාණ්ඩ කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බව සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ.

බිලියන 1.4ක චීන පාරි‍‍භෝගික ජනතාව ඉහළ මට්ටමේ ජීවිතයක් සඳහා දක්වන උද්‍යෝගය හේතුවෙන් චීන ආර්ථිකය තුළ විශාල ජවයක් දක්නට ලැබේ. 2020 වසරේ කොරොනා වසංගතය හමුවේ වුව ද චීනයේ දේශීය පරි‍භෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3% දක්වා ළඟා වී ඇත. ඉදිරි වසර 10 තුළ චීන ජනතාවගේ පරි‍භෝජනය වාර්ෂික ව 7.9%කින් වර්ධනය වනු ඇතැයි පසුගිය දා Morgan Stanley සමාගම නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. එය ලෝකයේ ඉහළ ම මට්ටම බව එම වාර්තාව පෙන්වා දෙයි. මේ වසරේ චීන පාරිභෝගිකයන් රටේ ආර්ථිකය වෙනුවෙන් අඛණ්ඩ ව දායක වනු ඇති බවට විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන