ගවයාගේ වසන්ත උළෙල, චීන ජනතාවට පොදු සමෘද්ධිය කරා ගමන් කිරීමේ නව ආරම්භයක් බවට පත් වෙයි
2021-02-16 16:42:28
Share with:

ගවයාගේ වසන්ත උළෙල, චීන ජනතාවට පොදු සමෘද්ධිය කරා ගමන් කිරීමේ නව ආරම්භයක් බවට පත් වෙයි_fororder_TIM图片20210216164100

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ සමාජවාදය යනු ජනතාවට ප්‍රීතිමත් හා සුන්දර ජීවිත ගත කිරීමට ඉඩ දීම බවයි. ජාතියකට, පවුලකට සහ පුද්ගලයෙකුට ඉන් එකක්වත් අඩු විය නොහැකිය.

2020 අවසන් වන විට චීනයේ අවසන් දුප්පත් කෝරළ 52 කින් ගම්මාන 1113 ක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකිවී තිබේ. වසර අටක දුෂ්කර අරගලයකින් පසු මිලියන 100 කට ආසන්න ග්‍රාමීය දුප්පතුන් චීනයේ වර්තමාන ප්‍රමිතීන් යටතේ දරිද්‍රතාවයෙන් මුදවා ගෙන ඇති අතර දුප්පත් කෝරළ 832 ම දුප්පත් ලැයිස්තුවෙන් ඉවත් කර ඇත. දරිද්‍රතාවය පිටුදැකීමේ සතුටුදායක වාර්තාවක් ජනතාවට භාර දී ඇති චීන රජය ගෝලීය දරිද්‍රතාවය පිටුදැකීම සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබේ.

මෙම ජයග්‍රහනය චීන ජනතාවට වඩා හොඳ ජීවිත ගත කිරීමේ නව ගාමක බලවේගයක් බවට පත් වෙමින් තිබේ. නව ජීවිතය මිනිසුන්ට නව බලාපොරොත්තු ගෙන දෙයි. එක් ගම්වැසියෙක් පැවසුවේ, "අපි දිළිඳුකමින් මිදුණා. අපගේ ජීවිත යහපත් වෙනවා." රුසියානු නිදහස් මාධ්‍ය ජාලය මෑතකදී ලිපියක් පළ කරමින් වසන්ත උත්සවය චීනයේ නව වසර සඳහා නව ආරම්භක ස්ථානයක් වනු ඇති බව පෙන්වා දුන්නේය.

මිලදී ගැනීමේ හැකියාවේ සමානාත්මතාවයට අනුව, චීනයේ දරිද්‍රතා රේඛා ප්‍රමිතිය, ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලබන ජාත්‍යන්තර දරිද්‍රතා රේඛා ප්‍රමිතියට වඩා තරමක් ඉහළ බව පෙන්වා දිය යුතුය. චීනයේ දරිද්‍රතාවය පිටුදැකීමේ ප්‍රමිතිය නම් ඒක පුද්ගල ශුද්ධ ආදායම ස්ථාවර වන අතර ජාතික දරිද්‍රතාවය පිටුදැකීමේ ප්‍රමිතිය ඉක්මවා යයි. එමෙන්ම ආහාර හා ඇඳුම් පැළඳුම් පිළිබඳ හිඟ නොමැති අතර අනිවාර්ය අධ්‍යාපනය, මූලික වෛද්‍ය ප්‍රතිකාර හා නිවාසවල ආරක්ෂාව සහතික කෙරේ.

දරිද්‍රතාවය අවම කිරීමේ ජයග්‍රහණ ශක්තිමත් කර සංවර්ධනයේ නව අදියරක් ආරම්භ කිරීමට ශක්තිමත් අඩිතාලමක් දැමීම සඳහා දුප්පතුන්ට සංවර්ධනය සඳහා වැඩි අවස්ථාවන් ලබා දීමට ද චීන රජය උත්සාහ දරමින් සිටී. නියමිත පරිදි චීනයේ දරිද්‍රතාවයෙන් මිදීමේ ඉලක්කයෙන් පසු පළමු වසන්ත උළෙල ලෙස 2021 වසන්ත උළෙල, තමන්ගේ ඉරණම වෙනස් කළ දුප්පතුන්ට පමණක් නොව අනෙකුත් චීන ජනතාවටත් අමතක නොවන වසරකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන