වෙනස් ආකාරයේ වසන්ත උත්සව සැමරුම චීන සමාජ පාලනයේ හා එහි උණුසුමේ මිණුම් දණ්ඩකි
2021-02-14 15:24:55
Share with:

වෙනස් ආකාරයේ වසන්ත උත්සව  සැමරුම චීන සමාජ පාලනයේ හා එහි උණුසුමේ මිණුම් දණ්ඩකි_fororder_TIM图片20210214152348

වසන්ත උත්සවය චීන ජාතිකයන් ගේ වැදගත්ම සාම්ප්‍රදායික උත්සවයයි. වසරක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන චීන ජාතිකයන් තමන්ගේ ඥාතීන් සමඟ නැවත එක්වීමට ඇති හොඳම කාලය ලෙස එය සලකයි.  කොතරම් ඈත වුවක් ඔවුන්ට ආපසු උපන් ගමට යා යුතුය. එබැවින් වාර්ෂික වසන්ත උත්සවය ලොව විශාලතම "ජනගහන සංක්‍රමණය" ලෙස පිළිගැනේ.

මෙවර වසන්ත උත්සවය, මහා පරිමාණයෙන් මිනිසුන්ගේ සංක්‍රමණ හේතුවෙන් ඇති වන වසංගතය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා, බොහෝ චීන ජාතිකයෝ රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සිය උපන් ගමට යාමෙන් වැළකුණහ. 2020 දුෂ්කර වසරෙන් පසු චීන ජනතාව නැවත වරක් තම නිවස සහ රට පිළිබඳ ඔවුන්ගේ වටිනා හැඟීම් ඉන් පෙන්වා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස දුම්රිය ස්ථාන සහ ගුවන්තොටුපළවල ජන ශූන්‍ය තත්ත්වයක් දැකිය හැකිය. මේ වසරේ චීනයේ වසන්ත උත්සව ප්‍රවාහනය සමය 2020 හා සැසඳීමේ දී මගීන් සංඛ්‍යාව 20% කටත් 2019 ට සාපේක්ෂව 60% කටත් වඩා අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇත. සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ සංක්‍රමණික සේවකයින්ගෙන් 77% කට වැඩි ප්‍රමාණයක් නව වසර සඳහා ව්‍යවසායන් හෝ නගරවල රැඳී  සිටිමින් වසන්ත උත්සවය සැමරීම තෝරා ‍‍ගෙන ඇති බවයි .

සමෘද්ධිමත් ජංගම චීනයේ සිට සාමකාමී හා උත්සවශ්‍රීයෙන් වැඩ කරන ප්‍රදේශවලදී  චීන අලුත් අවුරුද්ද සැමරීම දක්වා, චීන ජනතාව වසන්ත උත්සවය වෙනස්  ආකාරයේ ගත කිරීම චීනයේ සමාජ පාලන මට්ටම සහ එහි උණුසුම් බව වැඩිදියුණු වීම පිළිබිඹු වේ.

මෙම විශේෂ වසන්ත උත්සවය සඳහා චීන සමාජය, රජයේ සිට ප්‍රජාවන් හා ව්‍යවසායන් දක්වා හොඳින් සූදානම් බව බාහිර ලෝකය දැක තිබේ. නව වසර උදාවීමට පෙර ගුවෙයිචෟ පළා‍තේ නිරීක්ෂණ චාරිකාවක නරත වූ චීන ජනාධිපති ෂී ජින් පිං, ප්‍රාදේශීය සුපිරි වෙළඳසැලකට ගොස් නව වසරේ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටි අතර, ජනතාවට සතුටෙන් නව වසර ගත කිරීමට  සහතික වන ලෙස පළාත් පාලන ආයතනයෙන් ඉල්ලා සිටියේය.

ප්‍රමාණවත් වෙළඳපල සැපයුමක් සහ ස්ථාවර මිලක් සහතික කිරීම සඳහා බෙයිජිං, ෂැංහයි සහ අනෙකුත් විශාල නගරවල දැඩි පියවර ගෙන තිබේ. වසන්ත උත්සවයේ උණුසුම හා ප්‍රීතිය ජනතාවට දැනෙන පරිදි චීනය පුරා ඉලක්කගත ප්‍රතිපත්ති දියත් කර තිබේ.

පසුගිය වසරේ වසංගත තත්ත්වය පිළිබඳ පරීක්ෂණයෙන් පසුව, චීනයේ සමාජ පාලන ධාරිතාවය වඩාත් ශෝධනය හා මානවකරණයට ලක්ව තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන