චීනයේ විකාශනයන් ගෙන් BBC ය ඉවත් කිරීම තමාගේ ම වැරදි වලින් ලද ප්‍රතිඵලයක්
2021-02-12 18:55:13
Share with:

BBC ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය චීනයේ විකාශය කිරීම සඳහා අවසර නොදෙන බව චීන බලධාරීහූ ප්‍රකාශ කරති. BBC ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය චීනය පිළිබඳව සිදු කළ වාර්තා, චීනයේ අදාළ නීතිරීති දැඩිව උල්ලංඝණය කර ඇති බවත් ප්‍රවෘත්ති වාර්තා පිළිබඳ සත්‍ය මෙන්ම සාධාරණ යුතුකම් උල්ලංඝණය කර ඇති බවත් චීනය පෙන්වා දෙයි. එය චීන රාජ්‍ය පලප්‍රයෝජනයට හානියක් වන අතර ජාතික එකුමුතුවට කඩා කප්පල් කිරීමකි. එබැවින් BBC ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය චීනයට පිවිසීමේ සුදුදුකම් නොමැති අතර නව වසරේ චීනය තුළ වාර්තාකරන කටයුතු වලටද අවසර නොලැබෙනු ඇති බව චීනය පවසයි.

එය චීනය තම ස්වාධිපත්‍යය හා පලප්‍රයෝජනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත් සාධාරණ තීරණයකි. එය ප්‍රවෘත්ති වාර්තාකරණය සත්‍ය මත බිහිවිය යුතුය යන මුලධර්මය වෙනුවෙන් ශක්තිමත් පිටුබලයක් ලෙසට ද සැලකිය හැකි ය.

චීනයේ වසර ගණනාවක් රැඳී සිටින බටහිර ලෝකයේ ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන BBC, චීනයේ ගුවන් විදුලි හා රූපවාහිනී සේවාවන් පිළිබඳ ප්‍රතිපත්ති මනාව අවබෝධ කර ගත යුතු ය. එහෙත් එම ආයතනය මෑත මාස කිහිපයක් තුළ, චීනයට එරෙහිව හිතමතා අසත්‍ය වාර්තා කරමින් කටකතා ව්‍යාප්ත කිරීමේ නිරතවිය. එය ප්‍රවෘත්ති ආචාර ධර්ම මෙන්ම මානව  සදාචාරාත්මක මූලධර්මයන් ද අභිබවා ගොස් ඇත. චීනයට එරෙහි පාර්ශ්වය වෙනුවෙන් දෘෂ්ටිවාදී උපායක් සේ පෙනී සි‍ටින ඔවුන්ගේ සැබෑ වර්ණ ඉන් අනාවරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන