නිර්ණාමිකව පළ කරන ඇමරිකාවේ ඇතැම් හරසුන් වාර්තා
2021-02-08 20:19:33
Share with:

මෑතදී ඇමරිකාවේ යම් බුද්ධි මණ්ඩල වාර්තාවක් නිකුත් වී තිබේ. චීනය පිළිබඳ නව උපාය මාර්ගයක් යන තේමාවෙන් යුත් එම වාර්තාව තුළ අලුත් දෙයක් දක්නට නොලැබේ. පසුගිය ඇමරිකානු රජය චීනයට එරෙහිව පළ කළ විවිධ මතයන් එම වාර්තාවේ සඳහන් ය. ඒ අතරින් චීනයේ තර්ජනය නැවත නැවත ඉස්මතු කර ඇත. චීනය මර්දනය කිරීමේ අරමුණ වී තිබෙන්නේ ඇමරිකාව සතුව ඇති ආධිපත්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි එම වාර්තාව අවධාරණය කරයි. එම බුද්ධි මණ්ඩල වාර්තාව පළ කර ඇත්තේ නිර්නාමික ව බව කාගේත් අවධානයට ලක්ව ඇති කරුණකි. කතුවරයාට තමා ලියූ දේ පිළිබඳව පැහැදිලි හෘද සාක්ෂියක් තිබේ නම් ඔහු හෝ ඇය එය නිර්නාමිකව ප්‍රකාශයට පත් කළ යුතු දැයි අපට නිතැතින්ම සිතේ.

ඒ අතර, ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් Mike Pompeo පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී තමන් කලින් චීනය පිළිබඳ දැරූ ස්ථාවරය නැවත ප්‍රකාශ කර ඇත. පසුගිය රජය චීනයට එරෙහි ව අනුගමනය කළ ප්‍රතිපත්ති ඔහු විසින් නැවත අගය කරනු ලැබීය. Biden රජය දැනට පිළිපදින ප්‍රතිපත්ති චීනයට ඇමරිකාවට හිරිහැර කිරීමට ඉඩ දෙන බව Mike Pompeo එහිදී කියා සිටියේ ය.

චීනය සමග සහයෝගිතාව පවත්වන බව ඇමරිකාවේ නව රජය බොහෝ වර ප්‍රකාශ කර තිබේ. ද්විපාර්ශ්වික සම්බන්ධතාව නව අදියරකට පිවිසෙන අද කාලයේ ඇතැම් බලවේග විසින් පළ කරන ලද මතයන් පිළිබඳ සෝදිසියෙන් සිටිය යුතු යැයි අපට සිතේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන