කුඩා එන්නත, විශාල වගකීමක්! චීනය මිලියන 10 කට වඩා දායක වී තිබේ
2021-02-05 19:51:20
Share with:

කුඩා එන්නත, විශාල වගකීමක්! චීනය මිලියන 10 කට වඩා දායක වී තිබේ_fororder_TIM图片20210205195008

පසුගිය 3වැනිදා චීනය නිල වශයෙන් ප්‍රකාශ කළේ කොරොන මර්දන එන්නත මිලියන 10 ක් කොවැක්ස් සැලැස්මට සැපයීමට තීරණයට කළ බවයි. ප්‍රධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිතය සඳහා වන එය බොහෝ රටවල හොඳ පිළිගැනීමකට ලක් වී තිබේ .

එන්නත් ගෝලීය පොදු සෞඛ්‍ය නිෂ්පාදනය ලෙස ප්‍රවර්ධනය කරන බවට චීනය පවසන දේ ක්‍රියාත්මක කරයි.

මේ වන විට චීන රජය විසින් ලබා දෙන පළමු එන්නත් ආධාර තොගය පාකිස්තානයට ළඟාවී තිබේ. ඒ අතරම, චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 13 කට එන්නත් ආධාර සපයයි. මීලඟ පියවරේදී, අවශ්‍යතා ඇති අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් 38ක් සඳහා එන්නත් ආධාර ලබා දෙනු ඇත. ඊට අමතරව, චීනය දේශීය ව්‍යවසායයන්ට ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීමට සහ විදේශීය හවුල්කරුවන් සමඟ එන්නත් නිෂ්පාදනය කිරීමට සහාය වෙයි.එන්නත් ලබා ගැනීමට, චීන එන්නත් හඳුනා ගැනීමට සහ චීන එන්නත් හදිසි භාවිතය සඳහා අවසර දී ඇති රටවලට එන්නත් අපනයනය කිරීමට චීන රජය අදාළ ව්‍යවසායන්ට සහාය වේ.

චීනය සිය පොරොන්දුව ඉටු කරයි.ගෝලීය හවුල්කරුවෙකු ලෙස චීනයේ අවංකභාවය දරා ගනිමින් එකින් එක එන්නත් පිටරටවලට යවනු ලැබේ.

අසම්පූර්ණ සංඛ්‍යාලේඛනවලට අනුව, මේ දක්වා රටවල් 40 කට වැඩි සංඛ්‍යාවක් චීන එන්නත් ආනයනය කිරීමේ ඉල්ලුම් ඉදිරිපත් කර තිබේ. ඉන්දුනීසියාවේ, තුර්කියේ, සීෂෙල්ස් සහ ජෝර්දානයේ නායකයින් චීන එන්නත ලබා ගෙන අවසන් ය. ජර්මනියේ “ආර්ථිකය” සතිපතා වෙබ් අඩවියට අනුව, යුරෝපා සංගමයේ මූලික කලාප තුළ, චීන රුසියානු එන්නත් අනුමත කිරීම පිළිබඳව ජනතාව දැනටමත් ප්‍රසිද්ධයේ සලකා බලමින් සිටිති.

චීනයේ එන්නත් වල ආරක්ෂාව සහ ඵලදායීතාවය පරීක්ෂා කර ඇත. සාධාරණ සහ දැරිය හැකි මිල ගණන් නිසා ඌන සංවර්ධිත රටවල ආර්ථික බර සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය. එක්සත් ජාතින්ගේ මහලේකම් ගුටරෙස් මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ එන්නත් ‍ සමානව බෙදා හරිමින් සියලු දෙනාටම එය භුක්ති විඳිමට අවස්ථා සලසන බවය.

සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් සඳහා සාධාරණ බෙදාහැරීම ගෝලීය වසංගතයේ අවසාන ජයග්‍රහණය සඳහා යතුර පමණක් නොව ගෝලීය ආර්ථික ප්‍රකෘතියට ද ඉමහත් ලෙස වැදගත් වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන