ඇමරිකා-චීන ද්විපාර්ශ්වික සබඳතාව නිවැරදි දිශාවට ගෙන යාමේ අපේක්ෂාව
2021-02-03 15:27:39
Share with:

    ඊයේ (02) චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික Yang Jie Chi මහතා වීඩියෝ මාර්ගයෙන් ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කොමිසම සමග සංවාදයක් පැවැත්වීය. චීන-ඇමරිකානු සම්බන්ධතාව ආපසු යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් Yang Jie Chi මහතා එහිදී අදහස් දැක්වීය. පැරණි චින්තන ර‍ටාවෙන් මිදී නිවැරදි ආකල්පයෙන් යුතුව චීනය දෙස බලමින්, චීනය සමග එක්ව ද්විපාර්ශ්වික සබඳතාව නිවැරදි දිශාවට ගෙන යා යුතු බව ඔහු අවධාරණය කළේ ය.

                ‍ට්‍රම්ප් රජයේ ක්‍රියාමාර්ග හේතුවෙන් චීන-ඇමරිකා සම්බන්ධතාව ඉතා දුෂ්කර තත්ත්වයකට පත් විය. එයින් ලෝක සාමය හා ස්ථාවරත්වයට විශාල හානියක් ද සිදු වී ඇත. ඇමරිකාවේ නව රජය සන්සුන් මනසකින් යුතුව චීනය කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්ති නිවැරදි ආකාරයට පිළිපැදීම අපගේ බලාපො‍රොත්තුවයි. චීන-ඇමරිකා සබඳතාව අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට කැමති බව පසුගිය නොවැම්බර් මාසයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර තිබේ. ඊයේ Yang Jie Chi මහතා චීන-ඇමරිකා සම්බන්ධතාව පිළිබඳ තවදුරටත් අදහස් දැක්වීමෙන්, චීනය ඇමරිකාව සමග සාමකාමී ලෙස සබඳතාව පවත්වාගෙන යාමේ අභිප්‍රාය පිළිබිඹු වේ.

               චීන-ඇමරිකානු සම්බන්ධතාව ආපසු යථා තත්ත්වයට පත් කිරීමට නම් ඇමරිකාව චීනය පිළිබඳ නිවැරදි  අවබෝධයක් ලබා ගත යුතු ය. චීනයේ මූලික සංවර්ධනයේ අරමුණ වන්නේ ඇමරිකාව වෙනස් කිරීම හෝ ඇමරිකාවට අභියෝග කිරීම නොව, චීන ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් ලබා දීම බව චීන රජය යළි යළිත් පවසයි. එමෙන් ම චීනය කිසි විටක ඇමරිකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී නොමැත. එබැවින් ඇමරිකාව එකම චීනය යන ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරමින් හොංකොං, ශින් චියං සහ ටිබෙටය ඇතුළු චීන ස්වාධිපත්‍යයට හා දේශභූමි අඛණ්ඩතාවට අදාළ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් වැළකී සිටිය යුතු බව චීන රජය ‍අවධාරණය කරයි. ඇමරිකාව සමග සාමකාමී සහපැවැත්ම මත සහයෝගිතාව පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටියත් සිය ස්වාධිපත්‍ය, ආරක්ෂක සහ සංවර්ධන අයිතිය දැඩි ලෙස ආරක්ෂා කරන බවට සැකයක් නැත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන