යුරෝපා - ඇමරිකා සබඳතාවන්ට තවදුරටත් අඳුරු අනාගතයක්
2021-01-25 18:40:16
Share with:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යුරෝපය සමග සබඳතාව යහපත් කරනු ඇතැයි බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර ඇත. එහෙත් ‘Nord Stream 2’ නාලයේ ඉදිකිරීම සම්පූර්ණ කිරීමට ඇමරිකාව බාධා කිරීම පිළිබඳව ඇමරිකානු නව රාජ්‍ය ලේකම් Antony Blinken මහතා සිදු කළ ප්‍රකාශය යුරෝපයේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ. ‘හෙට ඉඳලා ඇමරිකා යුරෝපා සම්බන්ධතාවය සුසංගත වේවි කියා හිතන්න එපා’ යැයි ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් මහත්මිය කියා සිටියාය. සියල්ලම පිළිබඳව බයිඩන් සමග පොදු අදහස්වලට එළඹීමට සූදානම් නැතැයි ද ‘Nord Stream 2’ ව්‍යාපෘතිය අත්හරින්නේ නැතැයි ද ඇය අවධාරණය කළාය.

ඇමරිකාව හා යුරෝපය අතර පැවති එම වාග් සංග්‍රාමය පසුගිය වසර හතර තුළ ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය පිරිහීමට ලක්වීමේ පිළිබිඹුවක් වන අතර එමගින් එහි අනාගත ප්‍රවණතාව ද දෘෂ්‍යමාන වෙයි.

යුරෝපයට නම්, රුසියාව සමග ‘Nord Stream 2’ ස්වභාවික ගෑස් ව්‍යාපෘතිය සිය බලශක්ති ආරක්ෂාවට බැඳී ඇති ව්‍යාපෘතියකි. රුසියාව මර්දනය කරමින් සිය ස්වභාවික ගෑස් අලෙවි කිරීමේ අරමුණෙන් යුතුව ඇමරිකාව එම ව්‍යාපෘතියට මුළුමනින්ම බාධා කරමින් සිටියි. මර්කෙල්  ඇතුළු යුරෝපීය නායකයෝ මේ පිළිබඳව තරයේම විරෝධය දක්වති.

යුරෝපා-ඇමරිකා සම්බන්ධතාවයේ මෑතකදී පවතින නොසන්සුන්තාවයට තවත් සාධකයක් වන්නේ ඇමරිකාවේ Pfizer සමාගම යුරෝපා රටවලට එන්නත් ලබා දීමේ කාලසීමාව දීර්ඝ කිරීමයි. ප්‍රමාද වීමේ හේතුව නිෂ්පාදන ප්‍රශ්නයක් බව Pfizer සමාගම පැහැදිලි කළද, සිය රටේ එන්නත් අවශ්‍යතාවට ප්‍රමුඛත්වය ලබා දී තිබීම එහි සැබෑ හේතුව බව වි‍ශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ. වසංගත පාලනය යන ජනතාවගේ ජීවිතයට අදාල ගැටළුවක් සම්බන්ධයෙන් ඇමරිකාවේ පාවා දීම ඇමරිකා යුරෝපා සම්බන්ධතාවට  තවදුරටත් අඳුරක් ගෙන දී ඇත.

කෙසේ වුවද ඇමරිකා යුරෝපා සම්බන්ධතාවය ‘පිටට පිට’ තත්ත්වයක සිට වැළඳ ගැනීමක් දක්වා පෙරලීමට නායක මණ්ඩලයේ වෙනස් වීම පමණක් නම් ප්‍රමාණවත් නැත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන