චීන උත්තරීතර නායකයා Beijing- Zhangjiakou ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සූදානම් කටයුතු නිරීක්ෂණය කරයි
2021-01-21 09:22:08
Share with:

24 වන ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2022 පෙබරවාරි මාසයේ 4 වන දාත් 20 වන දාත් අතර කාලය තුළ චීනයේ බෙයිජිං හා Zhangjiakou යන නගර දෙකේ පැවැත්වීමට නියමිතයි. එය චීනයේ පැවැත්වෙන ප්‍රථම ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.

පසුගිය ජනවාරි 19 වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වසර හතරකින් පසුව යළි වරක් Zhangjiakou නගරයේ ශීත ඔලිම්පික් උළෙලේ සූදානම් කටයුතු නිරීක්ෂණය කළා. 19වනදා සවස ඔහු මුළින්ම එම නගරයේ අලුතෙන් ඉදි කර ඇති Taizicheng අධිවේගී දුම්රිය මධ්‍යස්ථානයට පැමිණියා. එය ලෝකයේ ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩාංගනයට කෙලින්ම සම්බන්ධ වන අධිවේගී දුම්රිය මධ්‍යස්ථානයයි. එහි අධිවේගී මාර්ගයේ සම්පූර්ණ වීමත් සමගම බෙයිජිං සහ Zhangjiakou නගරයේ ප්‍රධාන ශීත ඔලිම්පික් ක්‍රීඩාංගන අතර ගමන් කාලය පැයක් පමණ වෙනවා.

චීන උත්තරීතර නායකයා Beijing- Zhangjiakou ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සූදානම් කටයුතු නිරීක්ෂණය කරයි_fororder_වවවව

Zhangjiakou නගරය, චීනයේ උතුරු ප්‍රදේශයේ ඇති පරිපූර්ණම ස්වභාවික හිම මත ලිස්සා යාමේ කලාපය ලෙස විරුදාවලි ලබා තිබෙනවා. ෂී ජින්පිං මහතා එහි ස්ථාපිත ජාතික ස්කි-ජම්පිං මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කළා. එය Zhangjiakou ක්‍රීඩා ඉසව් කලාපයේ වැඩිම ඉදි කිරීම් කටයුතු, ඉහලම තාක්ෂණය අවශ්‍ය ක්‍රීඩාංගනයයි. එයින් ඔලිම්පික් රන් පදක්කම් අටක් බිහි වනු ඇති. එහිදී ෂී ජින්පිං මහතා පුහුණු වෙමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා සේවක සේවිකාවන් හමු වුණා.

චීන උත්තරීතර නායකයා Beijing- Zhangjiakou ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සූදානම් කටයුතු නිරීක්ෂණය කරයි_fororder_වවවවමමම

අවසාන වශයෙන් ෂී ජින්පිං මහතා  ජාතික බයත්ලෝන් මධ්‍යස්ථානය නිරීක්ෂණය කළා. වසර 2022 ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල මනා ලෙස පැවැත්වීම සඳහා ගමනාගමන පහසුකම්, පරිසරය, කර්මාන්ත යනාදිය සම්බන්ධීකරණයෙන් සංවර්ධනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. එමගින් මුළු Beijing-Tianjin-Hebei කලාපයේ සමෘද්ධිය ප්‍රවර්ධනය විය හැකැයි ඔහු කියා සිටියා.

චීන උත්තරීතර නායකයා Beijing- Zhangjiakou ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සූදානම් කටයුතු නිරීක්ෂණය කරයි_fororder_ඩඩෙ‍ෙ

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන