මාඔනන් ජාතික කාන්තාවකගේ ජීවිතය
2021-01-19 15:35:53
Share with:

මාඔනන් ජාතිය ඉතා සුළු ජනගහණයක් ඇති චීනයට ආවේණික ජාතියක්. ගුවන්ෂී චුවන් ස්වායත්තයේ හුවන්ජියං කෝරළය මාඔනන් ජාතිකයින් වැඩියෙන් වාසය කරන ප්‍රදේශයයි. වසර 2020 මැයි මාසයේ හුවන්ජියං කෝරළය ‍දිළිඳුකමෙන් මුදවා ගෙන තිබුණා. එහි වාසය කරන ටන් ලීහුවන් නම් කාන්තාවගේ පවුලේ ජීවිතයත් සුන්දර වෙන්න පටන් ගත්තා.

“කළින් අපි මහ කඳුකරයේ සිටියා. විදුලි බලය නෑ. මහ මාර්ගත් නෑ. පාසලට යන්නත් භාණ්ඩ ගන්නත් පැය කීපයක් කන්දේ ඇවිදින්න වුණා. ඉරිඟු හා සොර්ගන් වගා කිරීම මගින් පමණක් යම් යම් මුදල් උපයා ගන්න පුළුවන් වුණා. ජීවිතය හරි අමාරු වුණා.”

කළින් ජීවිතය සිහිපත් කරමින් දැන් ජීවිතය බලන කොට ටන් ලීහුවන් සතුටු වුණා.

‘වසර 2004 අපි මේ ස්ථානයට මාරු කළා. මෙතන කුඹුරු වැඩියි. දොඩම්, උක් වගා කරන්නත් පුළුවන්. දැන් අපේ ආදායම වැඩියි. ඒ වුණාට කළින් ගත කළ අමාරු ජීවිතය මම අමතක කළේ නෑ. ඉදිරියේදී අපි තව තවත් උද්‍යෝගිවත් වෙලා වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්න කැමතියි.’

ටන් ලීහුවන් දැන් ජීවත් වෙන්නේ හුවන්ජියං කෝරළයේ චෙන්ෂුවාන් ගම්මානයේ. ඇය සහ ඇගේ පවුලේ අය, රජය විසින් ක්‍රියාත්මක කරන ‘සංක්‍රමණික සහාය ක්‍රියා සැළැස්මෙන්’ වාසි ලැබී තිබෙනවා. ඒ, පිටිසර හෝ ඉතා කටුක ස්වභාවික පරිසරය ඇති දිළිඳු ප්‍රදේශවල පුරවැසියන් ඔවුන්ගේ කැමැත්තට අනුව වෙනත් ස්ථානවලට මාරු කොට ඔවුන්ට දිළිඳුකමෙන් මුදවා ගැනීමට සහාය දීම පිළිබඳ ක්‍රියා සැළැස්මක්. අද දවසේ ටන් ලීහුවන්, කඳුකරයෙන් පිටත බාහිර ලෝකයට පැමිණ දිළිඳුකමෙන් බේරා ගෙන සිටිනවා පමණක් නොව, ඇගේ ජීවිතයත් තවත් සරුසාර වෙන්න පටන් ගත්තා. දැන් ඇය කෝරළයේ මකර බෝට්ටු කණ්ඩායමේ සාමාජිකාවක් වශයෙන් දෙස් විදෙස් තරගාවලියට එක් වී සම්මාන පවා දිනා ගෙන තිබෙනවා. මේ වගේ ජීවිතයක්, කළින් නම් කිසිසේම හිතා ගත නොහැකි බව ඇය පැවසුවා.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන