ළමයින් සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 16 බවට පත් කිරීම, අගය කළ යුත්තක්
2021-01-13 08:39:20
Share with:

ළමයින් සේවයේ යෙදවීම ශතවර්ෂ ගණනාවක් පුරා පැවතුණු සමාජ ගැටළුවක්. යටත්විජිත යුගයේ සිට එම සංසිද්ධිය කැපී පෙනෙන ලෙස මතු වුණා. 18 වන සියවසේ බටහිර ලෝකයේ කාර්මික විප්ලව යුගය උදා වීමත් සමගම ළමුන් විශාල සංඛ්‍යාවක් කර්මාන්ත ශාලාවල රැකියා කිරීමට යොමු කරනු ලැබුවා. මුළදී දෙමාපියන් හෝ ඥාතීන් සමග එක්ව, තමාට කළ හැකි තරමට ළමුන් තාවකාලික සේවාවන් පමණක් සිදු කළත්, අවාසනාවන්ත ලෙස ක්‍රමයෙන් ඇතැම් රටවල කර්මාන්ත ශාලා හා ව්‍යාපාරවල ළමා කම්කරුවන් අවදානම් සහිත හෝ අධික වෙහෙස අවශ්‍ය කාර්යයන් සඳහා වන ලාභදායීම ශ්‍රමිකයින් බවට පත් වුණා. සංඛ්‍යාලේඛනයට අනුව ලොව පුරා ළමුන් කෝටි 15.2ක් බලහත්කාරයෙන් සේවයට  යොදවනු ලැබ සිටින අතර ඉන් අඩක් නිරත වෙන්නේ අවදානම් සහිත රැකියාවන් වලයි.

ළමා කම්කරුවන් පිළිබඳ ගැටළුව ශ්‍රී ලංකාවේත් පවතිනවා. අන්ත දිළිඳු තත්ත්වයේ පසුවන පවුල්වල ඇතැම් ළමුන් සුළු ව්‍යාපාරවල සේවා සඳහා යෙදවීම් ගව ශ්‍රී ලංකාවැන වාර්තා වෙනවා. එම ළමුන් ඉතා අහිංසක ජීවිතයක් ගත කරන අතර, අපරාධවල ඉලක්කයන් බවට පවා පත් ව සිටිනවා. ළමුන්ගේ කායික හා මානසික සෞඛ්‍යය ආරක්ෂා කරමින් ඔවුන්ට යහපත්ව වැඩීමේ පරිසරයක් සහතික කිරීමට ශ්‍රී ලංකාව පසුගියදා ළමයින් සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ළමයින් සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 16ක් බවට පත් කිරීමේ සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මීට කළින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ නීතිරීතිවලට අනුව වයස අවුරුදු 14කට අඩු දරුවන්  වැඩවල යෙදවීම තහනම් කෙරුණා. වයස අවුරුදු 14ත් 18ත් අතර සිටින පුරවැසියන් පූර්ව කොන්දේසි ඇතිව ශ්‍රම වෙළඳසැලට ප්‍රවේශ විය හැකි වුණා.

ළමයින් සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 16ක් දක්වා වැඩි කිරීම ළමා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලැබූ වැදගත් අධිකරණ ප්‍රගතියක් ලෙස හඳුන්වා දිය හැකි නමුත්, ඇතැම් පවුල්වල අන්ත දිළිඳුකම ළමුන් වැඩ සඳහා යෙදවීමේ ප්‍රධාන හේතුව බැවින්, එම දිළිඳු පවුල්වල ප්‍රායෝගික අසීරුතා විසඳා ගැනීමට සහතික ක්‍රමවේදයක්ද එළිදැක්විය යුතු බව පෙන්වා දිය යුතුයි. දිළිඳුකම ළමයින් සේවයේ යෙදවීම ඇතුළු බොහෝ සමාජ ගැටළු වලට මූලික හේතුවයි. දුප්පත්කම තුරන් නොකළොත්, ඊට අදාළ අනෙක් ගැටළු නිරාකරණය කිරීම දුෂ්කර වනු ඇති.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන