ඇමරිකාව, සුරක්ෂිත රටක් ද යන්න ප්‍රශ්නාන්තයක් වෙයි
2021-01-08 20:23:37
Share with:

ජීවිත ආරක්ෂාව මූලික මානව හිමිකම්ය. එහෙත් ඇමරිකාවේ සිදු වීම් ලෝ වැසියන්ගේ කම්පනයට හේතු විය. කොරොනා වසංගතය මධ්‍යයේ දේශපාලනඥයින් පෞද්ගලික වාසි හඹා යමින් අයෝග්‍ය  ලෙස කටයුතු කළ නිසා, ලක්ෂ 3.5ක ජීවිත හානි සිදු විය. ඇමරිකානු ජනතාව විශාල පිරිසක් ඥාතීන් අහිමි වීමෙන් හා රැකියා අහිමි වීමෙන් වේදනාවට පත්ව සිටිති.

ඇමරිකානු ව්‍යාපාර ද පීඩාවට පත්වී ඇත. ගෙවී ගිය වසර හතර තුළ ආරක්ෂණවාදයෙහි එල්බ සිටි රජය සෙසු රටවල් සමග වෙළඳ බැඳීම් කඩ කර අධික රේගු බදු අය කළ බැවින්, ඇමරිකානු ව්‍යාපාරවලට හා ගොවි ජනතාවට නොකඩවාම ඇණවුම් පත්‍ර හා සහයෝගිතා අවස්ථා අහිමි විය. ඔවුන් ඇමරිකානු දේශපාලනඥයින් දියත් කළ වෙළඳ සටනෙන් වැඩිම හානියට පත් වූවන් බවට පත් විය. ස්වයං බේරා ගැනීම සඳහා බොහෝ ඇමරිකානු ව්‍යාපාර චීනයේ ආයෝජන පුළුල් කිරීමට පියවර යොදා ඇත. රේගු බදු සැකසීමෙන් රැකියා අවස්ථා යළි රටට ගලා යෑම පිළිබඳ ඇමරිකානු නායකයාගේ ප්‍රකාශය, විහිළුවක් වී තිබේ.

ඇමරිකානු සමාජය තුළ සිදු වූ පෙර නොවූ විරූ බෙදීම, තවත් කණස්සල්ලට ලක් වන කාරණාවකි. දිගු කාලයක් පුරා පැවතුණු දුප්පත් පොහොසත් පරතරය, ජන වාර්ගිකත්වය අනුව වෙනස් ලෙස සැලකීම යනාදී ගැටළු, වසංගතය හමුවේ තව තවත් අනාවරණය වී උග්‍ර වී තිබේ. අප්‍රිකානු ජාතික George Floyd සුදු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව ඇමරිකාවේ මහා පරිමාණ විරෝධතා පෙළපාළි නිරන්තරයෙන් ඇති විය. මෙවන් ඇමරිකාවක්, සුරක්ෂිත රටක් ද?

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන