New York කොටස් හුවමාරු වෙළඳපොළෙන් චීනයේ සන්නිවේදන ව්‍යාපාර 3ක් ඉවත් කිරීමේ ඇමරිකානු තීරණය ඉවත දැමේ
2021-01-06 14:47:15
Share with:

New York කොටස් හුවමාරු වෙළඳපොළ චීනයේ සන්නිවේදන  ව්‍යාපාර 3ක් ඉන් ඉවත් කර ගැනීමේ ඉල්ලීම නොකරන බව එම වෙළඳපොළ නිවේදනය කරයි.

පසුගිය වසරේ නොවැම්බර් මස ඇමරිකානු රජය විධායක නියෝගයක් නිකුත් කළේ ය. එය අනුගමනය කිරීම සඳහා, New York කොටස් හුවමාරු වෙළඳපොළ පසුගිය දෙසැම්බර් 31වැනි දා නිවේදනයක් නිකුත් කරමින්, චීනයේ විශාලතම සන්නිවේදන  ව්‍යාපාරයන් වන, China Mobile, China Telecom සහ China Unicom එහි සිදු කරන ගනුදෙනු අත්හිටුවන බව සඳහන් කළේ ය. කෙසේ වෙතත්, අධීක්ෂණ ආයතන සමග සාකච්ඡා කිරීමෙන් පසු, චීනයේ එම ව්‍යාපාර 3 කොටස් හුවමාරුවෙන් ඉවත් කර ගැනීමේ ඉල්ලීම සිදු නොකරන බව New York කොටස් හුවමාරු වෙළඳපොළ ඉකුත් 4වැනි දා නිවේදනය කළේ ය.

එම වෙළඳපොළ මීට පෙර තමා විසින් ගත් තීරණය අහෝසි කිරීමට හේතු වී ඇත්තේ හේතු කිහිපයක් මත ය. ඒ අතරින්, පෙර තීරණය ක්‍රියාවට නැංවුයේ නම්, New York කොටස් හුවමාරු වෙළඳපොළට මෙන් ම ඇමරිකානු ප්‍රතිලාභයන්ට ද සැලකිය යුතු හානියක් එල්ල වනු ඒකාන්ත ය. ඊටත් වඩා වැදගත් කාරණයක් වනුයේ රෙගුලාසි නිසි ලෙස අනුගමනය කිරීම, ඇමරිකාව ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ලෙසට සැලකීමේ පදනම බවයි. චීන ව්‍යාපාර ඉවත් කිරීමට ගත් තීරණය කෙටි දෘෂ්ටියෙන් සිදු කෙරුණු තීරණයකි.  ඉන් ඇමරිකාවට අනපේක්ෂිත ඍණාත්මක බලපෑම් එල්ල වනු ඇත.

වර්තමානයේ, චීන-ඇමරිකානු සබඳතාව නව මංසන්ධියකට පැමිණ ඇත. එකම දිශාවට පමණක් ‘ අපේක්ෂා සහිත නව ජනේලයක් ’ විවෘත කළ හැකියි. එමෙන් ම, වෙළඳපොළ හා නීතිය අගය කිරීම මෙන් ම ආයෝජකයන්ගේ නීත්‍යනුකූල අයිති ආරක්ෂා කිරීම දෙපාර්ශ්වයන්ගේ යුක්ති සහගත තේරීම බවට පත් විය යුතු බව අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන