ඇමරිකාවේ එන්නත් වැඩසටහනේ අවුල් සහගත තත්ත්වයක්
2021-01-06 20:15:59
Share with:

ආසාදිතයින් කෝටි දෙකකි. මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් දහසකි. ලොස්ඇන්ජිලිස් නගරයේ තත්පර හයකට එක් පුද්ගලයෙක් කොරොනා ආසාදිතයෙකු බවට තහවුරු කරනු ලැබේ... මෙම දත්ත, ඇමරිකාවේ උවදුරක් සේ ව්‍යාප්ත වෙමින් පවතින කොරොනා වසංගතයේ උදාසීන පිළිබිඹුවයි. එහෙත් ඇතැම් ඇමරිකානු දේශපාලනඥයෝ, පෙනීමේ හැකියාව තිබියදී අන්දමන්ද ලෙස සිටින්නා සේ ව්‍යාජ තොරතුරු ප්‍රචලිත කරමින් සිය වගකීම් අන්‍යයන්ට පැවරීමට උත්සාහ කරමින් සිටිති.

රජය අඛණ්ඩව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, වසංගත පාලනය දේශපාලනීකරණය කිරීම, වසංගතය පිළිබඳ ඇමරිකානු ජනතාවගේ අවබෝධය අවුල්සහගත තත්ත්වයට පත් වීමට හේතු වී තිබේ. රජය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටී ඇත. එන්නත් වර්ග දෙකක් අනුමත කර ඇතත් බොහෝ පුරවැසියන් ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

නිව්යෝර්ක් නගරයේ ප්‍රථමාධාර සේවකයින්ගෙන් අඩකට වැඩි පිරිසක් එන්නත් පිළිබඳව සැකයෙන් සිටින බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. ඔහයිඕ ජනපදයේ වැඩිහිටි සුරැකුම් නිවාසවල සේවකයින්ගෙන් සියයට 60ක් සිය කැමැත්තට අනුව එන්නත් නොලැබෙන තත්වයක් උදාවී ඇත. ඇමරිකාවේ සමීක්ෂණ ආයතනයක වාර්තාවකට අනුව, සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 27ක් කොරොනා එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ හැකි හෝ ප්‍රතික්ෂේප කරනු ඒකාන්ත බව ප්‍රකාශ කර ඇත. පෙඩරල් රජයේ වසංගත පාලන ක්‍රියාමාර්ගය දෙස බලන විට එම ප්‍රතිඵලය ද අමුතු එකක් නොවන බව වි‍ශ්ලේෂකයෝ පවසති.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන