ගත වූ වසරේ සුවිශේෂී, උණුසුම් සැලකිලි නැවතත් සිහිපත් කරමු
2021-01-06 08:34:35
Share with:

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසර 2020 සුවිශේෂි වසරක් බවට පත්ව තිබෙනවා.ගත වූ අවුරුද්දේ සියළු චීන ජනතාව දැඩි අරගලයක් කළා. කෙසේ වෙතත්, කෙතරම් දුෂ්කර වුවත්, සුවිශේෂී සැලකිල්ලක් සියළු දෙනාගේ හදවත් උණුසුම්  කළා.

ගත වූ වසරින් සමුගෙන නව වසර සාදරයෙන් පිළි ගන්නා මේ මොහොතේ, අපට ප්‍රීතිය හා අධිෂ්ඨානය ගෙන දුන් එවැනි සුවිශේෂී, උණුසුම් සැලකිලි නැවතත් සිහිපත් කරමු.

පසුගිය වසරේ පෙබරවාරි 10 වන දින කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවක් වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිං හිදී එම වසංගතය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ කටයුතු විමර්ශනය කරමින් සිටියා.වසංගතය සිදු වීමෙන් පසු හෙතෙම මහජනයා ඉදිරියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.

මාර්තු මස 10 වන දින වුහාන් නගරය වසා දමා ගෙවී ගිය 47වැනි දිනයේ, එහි වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා ෂී ජින්පිං මහතා ඒ නගරයට පැමිණ එහි වීරෝදාර ජනයා දිරිගැන්වුවා.

වසංගතයෙන් පීඩාවට පත් චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේ පළමු කාර්තුවේදී වසර 2019 යේ අදාළ කාලසීමාවට වඩා සියයට 6.8 කින්  පහත වැටුණා. ආර්ථිකය පුනර්ජීවනය කරමින්  විශ්වාසය යථා තත්වයට පත් කරන්නේ කෙසේ ද? ඒ වගේම පසුගිය මාර්තු 31 වන දින පස්වරුවේ චීනයේ සුප්‍රකට සංචාරක නගරයක් වන හාන් චෞ නගරයේ සි සී ජාතික තෙත්බිම් උද්‍යානයේදී බෝට්ටුවකින් සංචාරය කරමින් සිටි සංචාරකයින් ජනාධිපතිවරයා සියැසින් ම දැක ගත්තා.

යෞවනයන් ශක්තිමත් වුවොත්, චීනය ශක්තිමත් වෙනවා.එබැවින් ෂී ජින්පිං මහතා සෑම විටම තරුණයන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න බව ගැන සැලකිලිමත් වෙනවා. ගත වූ අප්‍රේල් මස 21 වන දින උදෑසන, ෂැන්සි පළාතේ පිංලි කෝරළයේ පාසලක පස්වන පන්තියේ ළමයින්ට සිය පන්ති කාමරයේදී චීන ජනාධිපතිවරයා හමුවීම ඉතා සතුටුදායක මොහොතක් වුණා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන