ඇමරිකාවේ අසාර්ථක බාධා මැඩ ඉදිරියට යන ටිබෙට් ස්වයාත්තය
2021-01-05 12:59:52
Share with:

පසුගිය දා ඇමරිකානු ජනාධිපතිවරයා 2020 වසරේ ටිබෙට් ප්‍රතිපත්ති හා සහාය පනතට අත්සන් තැබීය. සිය ධූර කාලය නිමවීමට කෙටි කාලයක් පමණක් ඉතිරි ව තිබියදී ඔහු එවන් පනතකට අත්සන් තැබුවේ අඳුරු චේතනාවකින් යැයි දේශපාලන විශ්ලේෂකයන් පවසා තිබේ. ටිබෙටය චීනයේ ස්වායත්තයකි. ටිබෙට් ස්වායත්තයේ මානව හිමිකම්, ආගමික හා සාමාජීය තත්ත්වයන් පිළිබඳ අසත්‍ය ‍තොරතුරු මවා පෑම විශේෂයෙන්ම එමගින් චීනයේ ජනවාර්ගික හා ආගමික ප්‍රතිපත්ති විකෘති කිරීම, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන්ගේ නිරතුරු ක්‍රියාමාර්ගයකි. 2020 වසරේ ටිබෙට් ප්‍රතිපත්ති හා සහාය පනතට අත්සන් තැබීම ඊට මනා උදාහරණයකි. එම පනත චීනයේ ටිබෙට් ස්වායත්තයේ ස්ථාවරත්වයට හානි කිරීමක් පමණක් නොව මීළඟ ඇමරිකානු රජයට බාධාවක් ඇති කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමරිකානු රජය ටිබෙට් ප්‍රශ්න උපයෝගී කර ගනිමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූයේ අද ඊයේ නොවේ. පසුගිය 50 සහ 60 දශකයේ සිට ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය දලායිලාමාට ටිබෙට් ස්වායත්තයෙන් පැන යාමට ආධාර දුන්නේ ය. එපමණක් නොව ඇමරිකානු රජය දිගුකාලීන වශයෙන් දලායිලාමා ප්‍රමුඛ බෙදුම්වාදී කණ්ඩායමට මූල්‍ය ආධාර ලබා දෙයි. මෑත වසරවල ඇමරිකානු රජය බොහෝ වර ටිබෙටය හ සම්බන්ධ ප්‍රශ්න ඇති කරමින් එම ප්‍රශ්න මගින් චීනයට යම් යම් බාධා එල්ල කිරීමට උත්සාහ දරමින් සිටී. එහෙත් එවන් උත්සාහ කෙතරම් කළ ද චීන රජයේ පරිපාලනය යටතේ ටිබෙට් ස්වායත්තය පෙර නොවූ විරූ යුගයකට පිවිස ඇත. ටිබෙට් ස්වායත්තයේ දළ දේශීය නිෂ්පාදිතය වසර 20ක් පුරා ද්විත්ව සංඛ්‍යාංක වර්ධනයක් ලබාගෙන තිබේ. ටිබෙට් ජාතිකයන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 70.6 දක්වා වැඩි වී ඇත. 2020 වසරේ ටිබෙට් ස්වායත්තය අන්ත දිළිඳුකමින් මුදා ගැනීමට චීන රජය සමත් විය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන