ගෝලීය අර්බුදය හමුවේ විශාල රටක් ලෙස චීනයේ වගකීම්
2021-01-01 15:55:06
Share with:

ඇමරිකා දේශපාලනඥයෝ කොරොනා වසංගතය දේශපාලනීකරණය කළහ.

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමෙන්, සමස්ත ගෝලීය වසංගත විරෝධී තත්ත්වය සහ බහුපාර්ශ්ව පටිපාටිය‍ට බරපතල බලපෑමක් ඇති කර තිබේ.

තීරණාත්මක මොහොතේ, සමගිය හා සහයෝගීතාවය වසංගතය පරාජය කිරීම සඳහා බලවත්ම අවිය බව චීනය ආයාචනා කළේ ය.

එමගින් ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ප්‍රබල බලවේගයක් එක්රැස් කර තිබේ.

දෙසැම්බර් මැද භාගය දක්වා, මුඛ ආවරණ බිලියන 200ක්, ආරක්ෂිත ඇඳුම් බිලියන 2ක්,  පරීක්ෂණ කට්ටල මිලියන 800කට වැඩි ප්‍රමාණයක්, චීනය ලෝකයේ ඒ ඒ රටවලට ලබාදී තිබේ. එපමණක් නොව, චීනය රටවල් 150කට හා ජාත්‍යන්තර සංවිධාන 9කට වසංගත විරෝධී සහනාධාර ලබා දී ඇති අතර, රටවල් 34කට වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් 36ක් පිටත් කර තිබේ.

ප්‍රංශයේ හිටපු අගමැතිවරයා මේ පිළිබඳ පැවසුවේ, මෙම අර්බුදය තුළ, චීනය ජාත්‍යන්තර සහයෝගීතාව සක්‍රීයව ක්‍රියාත්මක කරමින් විශාල රටක වගකීම් පිළිඹිබු කර ඇති බවයි.

ඇතැම්  ඇමරිකා දේශපාලනඥයෝ එන්නත් පර්යේෂණ හා සංවර්ධනය ඒකාධිකාරී බවක  පවත්වා ගෙන යාමට උත්සාහ දරති.

චීනය නව කොරොනා එන්නත ක්‍රියාකාරී සැලැස්මට සහභාගි වීමෙන්, එන්නත් සාධාරණ ලෙස බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි.

බ්‍රසීලය, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ තුර්කිය යනාදී, බෙහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් චීනයෙන් එන්නත් ලබා ගනිමින් සිටී. 

ගෝලීය පාලන ක්‍රමය වඩාත් සාධාරණ දිශාවකට යොමු කිරීමට චීනය දැඩි උත්සාහයක් දරයි.

යුරෝපා පදනමේ මැදරියාගා විද්‍යාලයේ විධායක අධ්‍යක්ෂක Pierre Defraigne පැවසුවේ, වඩා හොඳ, එක්සත්, කාර්යක්ෂම හා වඩා තිරසාර ජාත්‍යන්තර පිළිවෙලක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ දී, චීනයට දර්ශනයක් ඇති අතර, එයින් විශාල රටක වගකීම් පිළිඹිබු කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන