චීනයේ Chong Qing නගරයේ Yu Bei දිස්ත්රික්කයේ Shi Chuan උප නගරය අතීතයේ පතල් ප්රදේශයකි. ගල්කොරි බොහොමයක් එහි ස්ථාපිත කර තිබූ අතර, එහි ස්වභාවික පරිසරය දැඩි දූෂණයට ලක් වී ඇත. 2012 වසරේ ප්රාදේශීය රජය එවැනි ගල්කොරි පූර්ණ වශයෙන් වසා දැමීය. 2016 වසරේ සිට, එම ගල්කොරි පරිසර හිතකාමී දර්ශනීය ප්රදේශයක් ලෙස ගොඩ නැගීමට එහි රජය පියවර ගෙන ඇත. එම දර්ශනීය ප්රදේශය පසුගිය පෙබරවාරි මාසයේ ජනතාව වෙත විවෘත කෙරිණ.