61හැවිරිදි Zhang Shangbao, උතුරු චීනයේ Shan Xi පළාතේ Lv Liang නගරයේ කඳුකර ප්‍රදේශයක පිහිටි Tie Tou ගම්මානයේ වෛද්‍යවරයෙක්. ඔහු කඳුකර ප්‍රදේශය පුරා විසිරි සිටින ගම්වැසියන්ට වෛද්‍ය සේවා සපයනවා. එහි කඳුකර මාර්ග දිගේ අවුරුදු 45ක් පුරා ඔහු ගමන් කරලා තිබෙනවා.
Tie Tou ගම්මානය ඉතා දුෂ්කර කඳුකර ප්‍රදේශයක පිහිටි නිසා, එහි සිටින 600කට වැඩි ගම්වැසියන් වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ අපහසුතාවකට මුහුණ දී සිටියා. තමන්ගේ ගම්මානයට වෛද්‍යවරයෙක් හිමිවීම එහි ජ්‍යෙෂ්ඨ පරපුරේ වැසියන්ගේ අභිලාෂක් වී තිබුණා.
16 වැනි වියේ පසු වූ Zhang Shangbao 1976 වසරේ දී, වෛද්‍ය විද්‍යාලයකින් අධ්‍යයන කටයුතු අවසන් කළා. ඉන් පසු, සිය අභිමතය පරිදි උපන් ගම වන Tie Tou ගම්මානයට ආපසු පැමිණ වෛද්‍යවරයෙක් විදියට ඔහු වැඩ කිරීමට පටන් ගත්තා. එතැන් සිට, දවල් හෝ රාත්‍රී වුණත්, දේශගුණය කොපමණ අයහපත් වුණත්, ගම්වැසියන්ට වෛද්‍ය සේවා අවශ්‍ය වූ සෑම විටක ම, Zhang Shangbao ඔවුන්ගේ ගෙදරට ගොස් වෛද්‍ය සේවා සැපයුවා.
කෙසේ වෙතත්, 35 වැනි වියේ දී, අනතුරකින් Zhang Shangbaoට තමන්ගේ දකුණු අත අහිමි වුණා. වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම අත් හැරීමට ඔහු කල්පනා කළා. එහෙත් එහි ගම්වැසියන්ට පිටතට ගොස් වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ අපහසුතා දකින කොට, Zhang Shangbaoට එම අදහස පසෙකලා අඛණ්ඩ ව වෛද්‍ය සේවාවල නිරත වීමට තීරණය කළා. නොබසුබස්නා උත්සාහයෙන්, වම් අතින් එන්නත් කිරීමට, පාරවිලයනය කිරීමට හා රෝගීන්ගේ වෛද්‍ය වාර්තා සටහන් කිරීමට ඔහුට හැකි වෙලා තිබෙනවා.
නොබෝ කලකින්, Zhang Shangbaoට රාජකාරියෙන් විශ්‍රාම යෑමේ වයස උදා වෙනවා. නමුත්, ඔහු පවසන්නේ ගම්වැසියන්ට අවශ්‍යතාවන් තිබෙනවා නම්, තමාට එය කළ නොහැකි වන තුරු තමා දිගටම ඔවුන් සඳහා වෛද්‍ය සේවා ලබා දෙන බවයි.