දකුණු චීනයේ Yun Nan පළාතේ Sipsongpanna Dai ස්වයං පාලන ප්‍රදේශයේ ආසියානු අලි අභිජනන හා සහන මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන සේවකයෝ සෑම දිනක ම අලින්ගේ ශාරීරික පරීක්ෂා සිදු කරති. අලින්ගේ පපුව, බඩෙහි විශාලත්වය, ශාරීරික උෂ්ණත්වය, බර ආදිය මැනීම හා දත් පරීක්ෂා කිරීම ඊට ඇතුළත් ය. මීට අමතරව, එහි අලින් නියමිත කාලයට පූර්ණ ශාරීරික පරීක්ෂාවන්ට ද ලක් කෙරේ. ආසියානු අලියා ජාතික වැදගත්කමින් යුත් පළමුවැනි මට්ටමේ සංරක්ෂණයට ලක් වන සත්වයෙකි. දැනටමත්, චීනය පුරා වාසය කරන්නේ 300කට වැඩි අලි සංඛ්‍යාවක් පමණි. ප්‍රධාන වශයෙන් Yun Nan පළාතේ Sipsongpanna, Pu’Er, Lin Cang ඇතුළු ප්‍රදේශ වල අලියෝ ජීවත් වෙති.