නිරිතදිග චීනයේ Gui Zhou පළාතේ Bi Jie නගරයේ Wu Meng කන්ද ආශ්රිතව Xi Xi He යන නිම්නය පිහිටා තිබේ. Xi Xi He පාලම ඒ නිම්නයට ආසන්න ව ඉදි කර ඇත. Chengdu-Guiyang අධිවේගී දුම්රිය මේ පාලම ඔස්සේ ධාවනය කෙරේ. පාලම හා ගංගාවේ මතුපිට අතර මීටර් 250කට වැඩි උස ප්රමාණයක් දක්නට ලැබේ. සෑම දිනක ම අධිවේගී දුම්රිය විස්සක් හෝ තිහක් පමණ මෙම පාලම මතින් ධාවනය කෙරේ. එහි සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා, ඉහළ මුහුදු මට්ටම, දරුණු දේශගුණික ස්වභාවය ඇතුළු දුෂ්කරතාවන් පරාජයට පත් කරමින්, සේවකයෝ නිරන්තරයෙන් ම පාලම පරීක්ෂා කරති.