හරිත සංවර්ධනය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යමින් ගෝලීය පරිසර සුරැකුමට දායකවන චීනය
2020-12-31 17:05:30
Share with:

පැරිස් ගිවිසුම යටතේ 2060 වසර වන විට කාබන් විමෝචන සමතුලිතතාව අත්කර ගැනීමට උත්සාහ කරන බව පසුගිය සැප්තැම්බර් 22වන දින චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයට එක් වූ අවස්ථාවේදී ප්‍රකාශ ක‍ළේ ය. එමගින් ලෝකයේ 2වැනි විශාලම ආර්ථිකය වශයෙන් චීනය ප්‍රථම වරට සිය කාබන් විමෝචන සමතුලිතතාව සඳහා පැහැදිලි කාල සීමාවක් නියම කර ඇත. එය චීනය ලෝකයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති වැදගත් පියවරක් ලෙස සැලකේ.

චීන ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කිරීමෙන් පසු “ මානවයා හා සොබාදහම අතර සුසංගත සහපැවැත්ම වෙනුවෙන් හරිත සංවර්ධනය ඉදිරියට ගෙන යාම ”චීනයේ ඉදිරි වසර 5හේ සැලැස්මට ඇතුළත් කර ඇත. පසුගිය දෙසැම්බර් මස පැවති චීන ‍කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කාර්ය සමුළුවේදී කාබන් විමෝචන පාලනය 2021 වසරේ ප්‍රධාන කාර්යයන් 8 අතරින් එක් ‍කාර්යයක් බවට පත් වී තිබේ. පසුගිය දෙසැම්බර් මස 12වැනි දා පැවති එක්සත් ජාතීන්ගේ දේශගණ අභිලාෂ සමුළුවට එක් වෙමින් චීන ජනාධිපතිවරයා අනාගත ‍ගෝලීය දේශගුණ කළමනාකරණය පිළිබඳ යෝජනා 3ක් ඉදිරිපත් කළේ ය. දේශගුණ කළමනාකරණය සම්බන්ධයෙන් චීනය ඉදිරිපත් කළ යෝජනා සහ ගන්නා පියවර ජගත් ප්‍රජාවේ පුළුල් ඇගයීමට ලක් ව තිබේ.

පැරිස් ගිවිසුමේ සාමාජිකයෙක් වශයෙන් චීනය සිය හරිත සංවර්ධනය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යන අතර ‍ගෝලීය අවකාබන් සංවර්ධනයට සක්‍රිය ලෙස එක් ව සිටී. මේ වන විට චීනය රටවල් 100ක් පමණ සමග එක්ව බලශක්ති වෙළඳාම, ආයෝජනය, යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වමින් සිටී. බහුපාර්ශ්වික බලශක්ති කළමනාකරණයට චීනය එක් ව සිටින්නේ දැඩි උනන්දුවකින් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජී-20 කණ්ඩායම, එපෙක් සංවිධානය සහ බ්‍රික්ස් රටවල් යටතේ ක්‍රියාත්මක ජාත්‍යන්තර බලශක්ති සහයෝගිතාවට චීනය දායක වී සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන