චීන යුරෝපා ආයෝජන ගිවිසුමෙන් විවිධ පාර්ශ්වයන්ට වාසි
2020-12-31 18:43:21
Share with:

චීන යුරෝපා ආයෝජන ගිවිසුමෙන් විවිධ පාර්ශ්වයන්ට වාසි_fororder_730e0cf3d7ca7bcb6d699d5f24e0b964f724a8a5

චීන යුරෝපා ආයෝජන ගිවිසුම විවිධ පාර්ශ්වයන්ට වාසි ගෙන දෙයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ජර්මන් චාන්සලර්වරිය, ප්‍රංශ ජනාධිපතිවරයා, යුරෝපා සභාවේ සභාපතිවරයා,  යුරෝපා සංගමයේ සභාපතිවරිය සමග ඊයේ(30) මාර්ගගත ලෙස හමු වූහ. චීන යුරෝපා  ආයෝජන ගිවිසුම පිළිබඳ සාකච්ඡා අවසන් වූ බව ඔවුහු එහිදී ඒකාබද්ධව ප්‍රකාශ කළහ.

වසර 7ක් තුළ සාකච්ඡා වට 35කින් පසු චීන යුරෝපා ආයෝජන ගිවිසුම අවසානයේ විශාල ප්‍රගතියක් ලබා ගෙන ඇත. එම ප්‍රගතිය පදනම් වී ඇත්තේ සමබර භාවය, ඉහළ මට්ටම, අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය මතයි. ඉන් චීනය හා යුරෝපය අතර අන්‍යෝන්‍ය ආයෝජනයට වඩාත් ආලෝකවත් සහයෝගතා අනාගතයක් ගෙන දෙනු ඇත.

චීනයට, එම ආයෝජන ගිවිසුම ඔස්සේ ද්විපාර්ශ්වික ආයෝජනය ප්‍රවර්ධනය කිරීම හැරුණු විට  වඩාත් ඉහළ මට්ටමේ විවෘත කිරීමට ද චීනය දායක වනු ඇත. එම ගිවිසුමට අදාළ සාකච්ඡා අවසන් කිරීමෙන් ඉහළ ‍මට්ටමේ විවෘත කිරීමේ විශ්වාසය හා අධිෂ්ඨානය චීනය යළි ලෝකයට ප්‍රදර්ශනය කර ඇත. චීනය වගකීම් සහගත බලවතෙක් බව ඉන් පිළිබිඹු වේ.

මේ වසරේ ධනාත්මක ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි එකම ආර්ථික ඒකකය වන චීනය සමග සහයෝගිතා ශක්තිමත් කිරීම, යුරෝපයට බුද්ධිමත් තේරීමකි.

එමෙන්ම චීන යුරෝපා ආයෝජන ගිවිසුම ලෝකයේ අපේක්ෂාවට ලක්වන ගිවිසුමක් ලෙස සැලකිය හැකි ය. 2020 වසරේ කොරොනා වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්ව ඇත. චීනය හා යුරෝපය ඒකාබද්ධව නිදහස් වෙළඳාම හා බහුපාර්ශ්වවාදය රැක ගැනීමේ බලවත් ඕනෑකම එම ගිවිසුම පෙන්වා ඇත. එය මේ යුගයේ අත්‍යවශ්‍යතාවකි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන