චීන නිෂ්පාදිතයන් චීන ජනපතිගේ ප්‍රශංසාවට
2020-12-30 16:43:54
Share with:

2020 වසරේ චීන නිෂ්පාදින කිහිපයක් චීන ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක් වීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත් වූණා. මෙවන් චීන නිෂ්පාදිත ප්‍රචලිත වීමෙන් චීන රාජ්‍ය නායකයා ජන ජීවිතය කෙරෙහි දැක්වන සැලකිල්ල පිළිබිඹු කෙරෙනවා. 

චීන නිෂ්පාදිතයන් චීන ජනපතිගේ ප්‍රශංසාවට_fororder_4月20日,习近平在商洛市柞水县小岭镇金米村培训中心,了解该村发展木耳产业情况

කළු හතු වලින් බිහි වන කර්මාන්තයක්

ගෙවී ගිය අප්‍රේල් මස 20 වැනිදා චීනයේ ශැන්සී පලාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දිළිඳු බවෙන් මුදවා ගත් ගම්මානයකට පැමිණ එහි සුවිශේෂී කෘෂි නිෂ්පාදිතයක් වන කළු හතු පිළිබඳ ප්‍රශංසා පළ කළා. ඊට පසු දින රාත්‍රී අන්තර් ජාලයෙන් එම කළු හතු ටොන් 24ක් සුළු ‍මොහොතකින් මිලියන 20ක පාරිභෝගිකයන් විසින් සම්පූර්ණයෙන් ම මිලදී ගෙන තිබුණා. එය ප්‍රබලතම අලෙවි මොහොත ලෙසට සටහන් වුණා. එය චීන ජනාධිපතිවරයා කර්මාන්ත සංවර්ධනයෙන් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා දැක්වූ සැලකිල්ලක්.

2020 වසර, සුළං හා වර්ෂා සමඟ  ඉදිරියට ගිය වසරක්. චීනයේ ශැන්සී, ශන්සී, නින්ග්ෂියා, හුබෙයි ඇතුළු චීන දේශ භූමියේ සිව් දෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ රුව දක්නට ලැබුණා.

2020 වසරේ චීනය දරිද්‍රතාවෙන් මුදවා ගැනීම සඳහා වූ අවසන් සටන සාර්ථක වුණා.  ෂී ජින් පිං මහතා සඳහන් කළ පරිදි, දරිද්‍රතාවෙන් මුදවා ගැනීම අවසාන ගමනාන්තය නොවන අතර එය අලුත් ජීවිතය වගේම, අලුත් අරගලයක් වෙනුවෙන් ආරම්භයක්.  චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් යථාර්ත කරුණු මගින් සත්‍ය සොයා ජනතාවට ප්‍රතිලාභ ගෙනදීම සහතික කිරීමට දායක වන බවත් චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.  

චීන නිෂ්පාදිතයන් චීන ජනපතිගේ ප්‍රශංසාවට_fororder_7月23日,习近平在中国一汽集团研发总院了解一汽技术创新和自主品牌建设情况

රතු කොඩිය නමැති මෝථර් රථ ---- කේන්‍ද්‍රීය තාක්ෂණය තමා විසින්ම අත්කර ගත යුතුයි

ගෙවී ගිය ජූලි මාසයේ චීන ජනාධිපතිවරයා චීනයේ ජීලින් පළාතේ පිහිටි පළමු මෝටර් රථ නිෂ්පාදන සමූහ සමාගමට පැමිණ නිරීක්ෂණය කළා. එය චීන දේශීය වෙළඳ සංකේතයන්ට උදා වූ සුවිශේෂී අවස්ථාවක්. වසර 70ට පෙර චීන පළමු මෝටර් රථ නිෂ්පාදන සමාගම චීනයේ පළමු මෝටර් රථය ස්වයං ලෙස නිෂ්පාදනය කළා. රතු කොඩිය නමැති මෙම වෙළඳ නාමය චීන ජාතිකයන් ස්වශක්තියෙන් නැගී සිටීම පිළිබඳ සංකේතයක් බවට පත් වී තිබෙනවා. කේන්ද්‍රීය තාක්ෂණය තමා විසින් ම අත්කර ගත යුතු බවත් ඒ අරමුණ උදෙසා දේශීය මෝටර් රථ සන්නාමයන් ඉහළ නැංවිය යුතු බවත් ෂී ජින් පිං මහතා උපදෙස් දී තිබෙනවා. ගෙවුණු ශතවර්ෂයක් තුළ නොවූ ආකාරයේ පරිවර්තන වාතාවරණය හමුවේ ස්වශක්තියෙන් වර්ධනය වීමේ ක්‍රියාමාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම, ස්වයං නිර්මාණශීලිත්වයෙන් නැගී සිටීමක් බව හෙතෙම පෙන්වා දුන්නා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන