සැලසුම් කළ පරිදි චීනය දරිද්‍රතාවය තුරන් කිරීම මගින් මානවයාගේ අඳුරු මොහොතක් ආලෝකවත් කෙරේ
2020-12-29 19:42:52
Share with:

සැලසුම් කළ පරිදි චීනය දරිද්‍රතාවය තුරන් කිරීම මගින් මානවයාගේ අඳුරු මොහොතක් ආලෝකවත් කෙරේ_fororder_00320466142_603fc0c9

මේ වසරේ චීනය නව කොරොනා වසංගත බලපෑම පාලනය කරමින් නියම වේලාවට නිරපේක්ෂ දරිද්‍රතාව හා ප්‍රාදේශීය පූර්ණ දරිද්‍රතාව තුරන් කර ඇත. එක්සත් ජාතීන්ගේ 2030 වසරේ අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රයේ දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්කය චීනය වසර 10ක් වේලාසනින් සාක්ෂාත් කර ඇත. ලෝකයේ දරිද්‍රතාවය තුරන් කිරීමට සියයට 70කට වැඩි දායකත්වයක් චීනය ලබා දී ඇත. චීනය ලබා ගත් බොහෝ ජයග්‍රහණයන් චීනය නිරපේක්ෂ දරිද්‍රතාවය තුරන් කිරීම හා සැසඳීමේදී කිසිදු ජයග්‍රහණයක් කෙරෙහි ඊට වඩා ප්‍රබෝධවත් විය නොහැකි බව ඇමරිකා විද්වතෙකු වන Stephen Perry මහතා පැවසීය.

දරිද්‍රතාවය තුරන් කිරීම ගෝලීය අසීරුතාවකි. ඉලක්කගතව දරිද්‍රතාවය අවම කිරීම චීනය අනුගමනය කළ ක්‍රමවේදය යි. දරිද්‍රතාවයේ මූලය සොයා ගැනීම, සැබෑ තත්ත්වයට අනුව අදාළ පියවර ගැනීම එම ක්‍රමයේ හරය ය.

දිළිඳු ම පිරිසට සහය ලබා දීම හා 2030 වසරේ අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කිරීමේ එකම ක්‍රමය ඉලක්කගත දරිද්‍රතාවය තුරන් කිරීම බවට  පත් වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා පැවසීය. චීනයේ අත්දැකීම් ආදර්ශයක් ලෙස වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ගත හැකි ය. 2030 වසරේ අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් චීනය අඛණ්ඩව හැකි තරම් සංවර්ධන වෙමින් පවතින බොහෝ රටවලට සහය ලබා දෙමින් සිටී. ලෝක බැංකුවේ වාර්තාවට අනුව චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඔස්සේ පුද්ගලයන් මිලියන 7.6ක් නිරපේක්ෂ දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම හා පුද්ගලයන් මිලියන 32ක් මධ්‍යම මට්ටමේ දරිද්‍රතාවයෙන් බේරා ගැනීමට හැකිවනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන