විවෘත චීනය ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා පෙළඹවීමක් සපයයි
2020-12-27 16:30:37
Share with:

විවෘත චීනය ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා පෙළඹවීමක් සපයයි_fororder_TIM图片20201227162839

"ලෝකයට චීනය අවශ්‍ය වන්නේ ඇයි?" මෙය නොබෝ කලකට පෙර කැනඩාවේ විශ්ව විද්‍යාලයකදී ඇමරිකානු වීඩියෝ බ්ලොග් කරුවෙකු වන සයිරස් ජැන්සන් මහතා විසින් පවත්වන ලද දේශනයක මාතෘකාවයි. වෙළඳපොළ, විවෘත කිරීම, විද්‍යාව හා තාක්‍ෂණය යන දෘෂ්ටි කෝණයන්ගෙන් චීනය ලෝකයට ඇති වැදගත්කම අවධාරණය කළ ඔහු, අද සමාජයට අවශ්‍ය වන්නේ විවෘත කිරීම සහ සහයෝගිතාවය පිළිබඳ චීනයේ ආකල්පය බව පෙන්වා දුන්නේය. ඇමරිකාවේ සමාජ ජාල වෙබ් අඩවිවලට ඇතුලත් කිරීමෙන් පසුව,එම වීඩියෝව අන්තර්ජාල භාවිතාකරන්නන් අතර දැඩි ආන්දෝලනයක් ඇති කළේය.

චීනය විවෘත කිරීමට කෙතරම් අධිෂ්ඨාන කරගෙන සිටීද? එය ලෝකයට ගෙන එන්නේ කුමක්ද? නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කරන චීනය  පුළුල් පරාසයකින්, පුළුල් ක්ෂේත්‍රයකින් හා ගැඹුරු මට්ටමකින් බාහිර ලෝකයට විවෘත කරමින් ඒ ඒ  රටවල් සමග පොදු විවෘතභාවය සහ පොදු සංවර්ධනය ඉදිරියට පවත්වා ගෙන යමින් සිටින බව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉකුත් වසරේ දේශීය හා විදේශීය ලෙස අවස්ථා ගණනාවකදී කළ  වැදගත් කතාවලින් පැහැදිලි වෙයි.

චීන වෙළඳපොළ ලෝක වෙළඳපොළ බවට පත්වීමට ඉඩ දීම  විවෘත චීනය ලොවට ගෙනෙන වඩාත් සෘජු අවස්ථාවකි. බිලියන 1.4 ක ජනගහනයක් සහිත චීනය සිය වෙළඳපොළ විභවය උත්තේජනය කරමින්, ලෝකයට වැඩි ඉල්ලුමක් ඇති කරයි. “එක් තීරයක්, එක් මාවතක්” සහ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම අත්සන් කිරීම මගින් චීනය ගෝලීය ආර්ථික හා වෙළඳ නීති සම්පාදනය සඳහා ක්‍රියාකාරීව සහභාගි වන අතර ගෝලීය ආර්ථික පාලන යාන්ත්‍රණය වැඩිදියුණු කරමින් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයන්ගේ වගකීම පිළිබිඹු කරයි.

සංවර්ධනයේ නව අවධියකට පිවිසීමට සූදානම් වන චීනය, ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම සඳහා නොනවතින උත්සාහයන් දැරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන